- 10 -

466 73 15
                                    

  " කෝ අම්මා මල්ලි? "

" අන්න නිදි.. ඔයා ගෙනත් දාල ගිය වෙලේ ඉදන් තව නිදි. ඇගපත හෝදගන්නවත් නැගිටින එකක් නැද්ද මංදා.. "

      " ගුටි කාලා අමාරු ඇති. "

" කාගෙන්ද? "

    " වසත් ස' අද වේවැලක් කැඩෙනකල් ගැහුවලු. "

   " මායාන්ට? අපේ වසත් ස'? "

" ඔව් අම්මා. පීරියඩ් තුනක් දණගස්සලා තිබ්බලු. මං එක්කත් අද වචනයක් කතා කරේ නෑ. එනකලුත් ඇඩුවා.. "

     " වසත් ස' කවදාවත් ළමයින්ට ගහන්නෑ කිව්වා නේද දුව? ඇරත් අපේ මායාන්ට? මායාන් කවදාවත් ගුටි කන වැඩ ඉස්කෝලෙදි කරලා ආරංචි වෙලත් නෑනෙ. "

    " එයත් ළමයෙක්නෙ අම්මා.. "

" ඒ වුණත් පුතේ, වසත් ස'ට එච්චර කේන්ති යන්න මෙයා මොකක් හරි ලොකු වැරැද්දක් කරන්න ඇතිනෙ.. "

    " මං ඇහුවා වසත්ගෙන්. කටගහන් එනවලු මෙයා.. පණ්ඩිත වැඩීලු. "

" ඉතින් ඒ මෙයා කලින් නොකරපු දෙයක් ඇයි? වසත්ට කේන්ති යන්න නම් ඊටවඩා දරුණු දෙයක් කරලා නැතුව වෙන්න බෑ. වසත් අපිට නොකියා හංගන්නෙ ඒක වෙන්න බැරි නෑ. "

   " ගෙදරදි කට ගහන එකට වඩා ඉස්කෝලෙදි එහෙම හැසිරෙනකොට කේන්ති යනවනෙ අම්මා. කවුරුහරි ගුරුවරයෙක් ඉන්න තැනක එහෙම හැසිරුණොත් වසත් ස'ගෙ තත්වෙ මොකද්ද? මායාන් මට වුණත් එහෙමයි. ඉස්කෝලෙ අක්කලා අයියලා අම්මලා තාත්තලා නෑ, ඉන්නෙ ගුරුවරු කියලා එයා තේරුම් ගන්නෑ. "

     " මටනම් විශ්වාස කරන්න බෑ වසත් ගැහුවෙ ඔය පොඩි දේකට කියලා. "

    "අනේ මංදා.. වසත් ආවම අහමු. මල්ලි දැන් පනිශ් වෙලා ඉවරනෙ. ආය අහන්න යන්න එපා. "

    " මෙයා කරපු වැරැද්ද හොයාගන්නම ඕන. නියපොත්තෙන් කඩන්න පුලුවන් දෙයක් නම් පොරවක් හොයන්න වෙනකල් ඇස් කන් පියන් ඉන්න එක මොලේ තියෙන අම්මෙක් අප්පෙක් කරන වැඩක් නෙවෙයි දෝණි. "

    

      රෑ කෑම මේසය වෙනදාට වඩා නිහඩ විය. වසත් උදෑසනින්ම පිටත් වන බව දැනුම් දෙනු ලැබුණු විට විශ්‍රාමික ගුරුතුමා හඩ අවදි කළේය. " ඇයි වසත් හදිස්සියෙම? "

සියපතක රොන්සුණු ( Completed | BL | සිංහල | විද්‍යා ප්‍රබන්ධ  )Where stories live. Discover now