- 12 -

438 71 19
                                    

ඇග සෝදා තුවායක් පමණක් හැදගෙන කාමරයට විත් සරමක් ඇදගන්නා වසත් අද නාන කාමරයේදී ම ඇදුම් මාරුකර පැමිණ තිබුණි.

මායාන්ගේ ඡායාව මිදුලේ විදුලි පහනේ එලියට අඩ අදුරේ පෙනුණේය. වසත් කාමරයේ ආලෝකය නොදල්වා දුරකථන තිරයේ එලියෙන් සිය ඇදට ගොඩ විය.

උදෑසනින්ම කොළඹ බස් රථයට පිටත් විය යුතුය. යතුරුපැදියේ ගමන ඔහුගේ අම්මා කනස්සල්ලට පත් කරයි.

ඔහු දෑස් පියාගත්තේය.

අඩ නින්දේ පසුවන ඔහු සුසුමක් විසින් අවදි කරන ලද්දේය. " බැන්දම ආය එන්නෙ නැති වෙයි නේද?.. "

" ..... බැන්ඳා කියලා කප් රුක පහල වෙන්නෑනෙ.. ජොබ් එකට නෑවිත් කොහොමද? "

" ........... " මොහොතක නිහැඩියාව දිගට ඇදුණේය. නව යෞවනයා නින්දට වැටුණු බව වසත් සිතුවේය. සුසුමක් පිට විය. ඔහු හැරී ජනේලය දෙස බැලුවේය. අඩ සඳවත වලාකුලක් අස්සේ හැංගෙමින් සිටියේය. වතුසුදු පත් මතට වැටුණු සඳ එලිය හරවා යවන පිනි වෙනදා මෙන් සොදුරු දසුනක් නොවීය.හිතට මහත් මූසලකමක් දැනුණේය. ඔහුට පාලුවක් දැනුණේය.

ජීවිතය ගැන ඔහුට දැනුණේ කලකිරීමකි.

එහා ඇදේ කලබලයක් ඇසුණි. ඇද පොලු ක්‍රීක් ගා දැගලුවේය. ඇද රෙද්ද සර බර ගාන හඩත්, මෙට්ටය මත කිසිවෙකු දගලන හඩත් නිහඩ රැයේ ඔහුට තීව්‍රව ඇසුණේය.

මොහොතකින් කිසිවෙකු සිය ඇදට ගොඩ වූ බව ඔහුට දැනුණේය. ඔහුට කිසිත් කරන්නට ඉඩ නොතිබුණි. මායාන් ඔහුගේ ගත මත දිගාවී ඔහුව තදින් බදාගත්තේය.

" මං ලස්සන මදි හින්දද? " මායාන්ගේ හඩ රහසක් විය. සිය පපුතුර මතට සට සට ගා කදුලු කැට කඩාහැලෙන බව ඔහුට දැනුණි. උණු කදුලු පපුව පිච්චුවේය. ඔහුගේ දෑස් තෙත් විය.

" මායාන්! පිස්සු නටන්නැතුව බහිනවා ඕයි! " වසත්හිරු රහස් ස්වරයෙන් තරවටු කළේය. බූවල්ලෙකු සේ තමා වටා එතුනු දෑත් ඔහුට ගලවන්නට අපහසු විය. කොලුවාට නොරිදවා ඒවා ගැලවීම කල නොහැක්කකි. " මොකද්ද තමුසෙට එකපාරම හැදුන පිස්සුව?! "

සියපතක රොන්සුණු ( Completed | BL | සිංහල | විද්‍යා ප්‍රබන්ධ  )Where stories live. Discover now