-14-

424 70 19
                                    

" මොනාද බං.. ගත මෙතන තිබ්බට හිත ගමේ ගුරුගෙදර පොඩි ටීච' ලඟවත්ද? "

රහල් වැලමිටෙන් මිතුරාගේ උදරයට ඇන්නේය. සදලුතලවලයේ ගරාදි වැටට හේත්තු වී බීර ටින් දෙකක් තොලගාමින් සිටි මිනිසුන් දෙදෙනාටම මෙසේ නිදහසක් ලැබුණේ කලකට පසුව ය. වසත්හිරු හැරී බටහිර අහසේ බැස යන හිරු දෙස දෙනෙත් යොමු කළේය.

" පිස්සුද බං..? " ඔහු මිමිණුවේය. " මං වෙන දෙයක් කල්පනා කළෙ.. "

" මාත් මේ දවස්වල වැඩ අස්සෙ හිරවෙලා බං ඉන්නෙ. නැත්තම් මේ සැරේ යද්දි උබ එක්ක ගිහින් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉදලා එන්න තිබ්බා.. " ගමේ සුන්දරත්වය රහල්ගේ සිත් අග ඇදී වියැකී ගියේය. වසර කිහිපයකට පෙර පත්වීම ලැබූ මිතුරා ගමට ඇරලූයේ ඔහු ය. නැවත යෑමට ඇත්නම් ඔහු අවස්ථාව මග නොහරිනු ඇත.

" උබට එච්චර වැඩනෙ නේහ්.. "

" අර girlsලගෙ abduction cases ටික සොල්ව් කරගන්න බැරුව මාර කට්ටක් බං කන්නෙ. "

" මොන..? "

" අර කොන්සර්ට් එක බලන්න ගිය girlsලාගෙ kidnapping case එක බං.. "

" තාම ඒක ඇදෙනවද බං? "

" ඇදෙනවදත් අහලා.. "

වසත් බියර් උගුරක් බිව්වේය. මෙවැනි පුවතක් මතක් කළ සැනෙක ආදරණීය පියෙකුගේ සිහියට එන්නේ සිය දරුවන් ය. වසත්ගේ සිහියට ආවේ සිය පාසල ය. පාසලේ දරු දැරියන් ඔහුට දැන් ඔහුගේම ය. මායාන්ගේ වෙනස ඔහුගේ හිත පෑරුවේ ය.

♡♡♡♡♡♡♡♡♡♡♡♡_

" මායාන් මොකද්ද අප්පා කරගත්තෙ? තරඟෙ ලබන සතියෙනෙ ළමයො.. " හිමාලි ගුරුතුමිය කනස්සල්ලෙන් සිය සිසුවා දෙස බැලුවේය. පාසලේ දක්ෂතම නර්තන ශිල්පියා මායාන් ය. පාසලේ දක්ෂතම ගායන ශිල්පියා ද ඔහු ය. පාසලේ දක්ෂතම සිසුවා ඔහු ය. තෝරාගත් විෂය ධාරාව නර්ථනය වුව ද සංගීත තරඟ සඳහා ද ඉදිරිපත් කෙරෙන්නේ මායාන් ය. පාසලේ නම මෙතෙක් කල් ජාතික තලය දක්වා ගෙන ගියේ නම් ඒ මායාන් ය. ඔහු කොන්ද උලුක් කරගෙන පැත්තකට වැටීම සෞන්දර්ය ගුරුවරුන්ට ඇති දරුණුතම බිය විය.

සියපතක රොන්සුණු ( Completed | BL | සිංහල | විද්‍යා ප්‍රබන්ධ  )Where stories live. Discover now