- 19 -

418 68 21
                                    

සහස්නගේ අත ඇදට තදකර බදපටිවලින් ගැටගසන ලද්දේය. සොදුරු මුහුණ මත කෝපය රැදුණි. කුප්පියේ ඇති ද්‍රාවණය ඔහුගේ මුහුණ මිරිකා බලහත්කාරයෙන් මුව තුලට වත් කරන ලද්දේය.ඔහු දැගලුවේය. හුස්ම ගැනීමට අපහසු ලෙස ඔහුගේ මුව අතකින් වසාගෙන සිටි බැවින් ඔහුට එය ගිලුණේය. අත ඉවත් වු වහාම කැස්ස සමග බිදු දෙක තුනක් කට කොනින් ගලා ගියේය. ඇස් බොදව ගියේය. කැස්සෙන් හුස්ම අල්ලන්ට දගලන කොලුවා එසේම අතහැර දමා වරුන් වාට්ටුවෙන් පිටව ගියේය.



වෛද්‍යවරයා කාමරයට පැමිණ ඔහු පරීක්ෂා කළේ තනිව ය. වෙනදා මෙන් පරිවර්තකයෙකු ඔහු නොගෙනාවේය.

තනිව ඔහු පරීක්ෂා කර ලිපි ගොනුව මත සුපුරුදු ලෙස සටහන් තැබූ වෛද්‍යවරයා ඔහුගේ ඇදුම් සකස් කළේය. කට කොනක සිනහවක් රදවාගෙන රාජකාරි මානසිකත්වයෙන් මිදීමට ඔහු මොහොතක් ගත්තේ ඇද මත හිදගනිමිනි. රෙන් ගේ කම්මුල් සිය ඇගිලි අතර සිරකර මිරිකූ ඔහු ලාබාල නුවන් අස්සට එබී බැලුවේය.

" Your dirty little tricks, They won't work here. A stupid little bitch like you won't affect the loyalty in my men. You , I own it. Noone will ever be brave enough to touch it unless I say so. " ( " උබේ හැට හතරෙ සූත්තර, ඒවට මෙහෙ ඉඩක් නෑ. උබ වගේ පොඩි ප ක යෙකුට බෑ මගෙ කොල්ලොන්ගෙ පක්ශපාතීත්වය මගෙන් උදුරගන්න. උබ, ඒක මගෙ. එකෙක්ටවත් හයියක් නෑ උබට අතක් තියන්න.. මං කියනකල්.. "

වෛද්‍ය මිසුශිමා රෙන්ගේ කම්මුලට අතින් තට්ටු කරමින් නැගිට්ටේය. ඔහු සිනාසුනි. " Someone will come in and take you to shower. You better cooperate. Or else.. I will personally make you. " ( " කවුරුහරි ඇවිත් උබ නාවයි. වදයක් නොවී හිටියොත් හොදයි. නැත්තං මට සිද්ධවෙයි " පෞද්ගලිකව මැදිහත් වෙන්න ". ")

" Today is going to be one hell of a busy day. We don't have time for your bullshit " ( " අද වැඩ ගොඩගැහිල තියෙනවා අපිට. කාටවත් වෙලාව නෑ උබ එක්ක පිස්සු කෙලින්න. " )

ඔහු පිටව ගියේය. ' වැඩ ' ? රෙන් කල්පනා කළේය. ජපන් කාන්තාවට සිදු කළ 'වැඩ' සියල්ල ඔහුටත් පටන්ගැනීමට වෙලාව ද? හදවත වේගයෙන් ගැහුණේය. කුනු වී අපායක මියැදීම ඔහුගේ අවසන් කැමැත්තෙන් බොහෝ දුර මරණයක් විය.



♡♡♡♡♡♡♡♡♡♡♡♡

" ආහ්... " අකේන් පාර්සලය නෙලුම්ගේ උකුල මතට අතහැරියේය. වික්ශිප්ත නවයෞවනයා එය අතට ගෙන හරවා බැලුවේය. සාප්පු මල්ල තුල වූ පාර්සල් දෙක ඔහු ඉවතට ගත්තේය.

සියපතක රොන්සුණු ( Completed | BL | සිංහල | විද්‍යා ප්‍රබන්ධ  )Where stories live. Discover now