- 32 -

349 62 28
                                    

       නෙලුම්ගේ ආමාශය කෝපයෙන් ගෙරෙව්වේ ය.

      පැපොල් ගෙඩියක් කඩා පොතු ඇර මිරිස් තුනපහ දමා ලිපේ තබාගෙන දුම් කන ඒශ්වර්ගේ ඇස් වලින් කදුලු ආවේ ය. පොල් ලෙලි පිලිස්සෙන දුම මුලුතැන්ගෙයි වසාගෙන නැගුනේය. නමුත් මාලුව නම් ඉදෙන පාටක් නොපෙනුණි.

     " නෙදකින් හුත්ත... මට.බෑ හුත්තො.. ඇස් දෙක ඉවරයි.. " ඒශ්වර්ට හැකි නම් ලිප උස්සා පොලවේ ගසනු ඇත. " ඇවිලෙන්නෙත් නෑ හු ත් තිගෙ ලිප..! "

    තද කරගෙන සිටි හිනාව බකස් ගා පැන්නේය. කුසගින්නට වඩා ඒශ්වර් පැටලී සිටි අකරතැබ්බය නෙලුම්ගේ සිත ගත්තේය.

     " ඕක ලන්ච් එකට ගමු.. අර හාල්මැස්සන් මාලුව එක්ක කමුකො.. "

" මාලුව?! ඒක බැදුමක්. "

" මොක හරි.. බඩටනෙ යන්නෙ. "

     " ඒක විතරක් කන්න පුලුවන්ද? උයලා දෙනකල් ඉන්න බැරිද ටිකක්?! "

" කට විතරයි. කෝ දෙනවා ඕක.. " නෙලුම් ඒශ්වර් අතින් බටය උදුරාගත්තේය. ලිප ලග දණින් නැවී පෙනහලු පුරෝගත් ඔක්සිජන්වලින් ගිනිදබු පෑදුවේය. ආපස්සට ඇද්ද හුස්ම ආවේ බටය දිග ය. දුම් ද අලුද ගිනි සැරෙන් ද පෙනහලු පිරුණේය. දරුණු ලෙස කහිමින් නැගිට්ට ඔහු පිලිකන්නේ මිදුලට පැන්නේ ඇස්වල ද කදුලු පුරවාගෙන ය. උගුර දන්නට ගත්තේය. ඔහුට ඔක්කාරයට ආවේය.

       " ඔය කරගත්තෙ! " ඇස් රෝල් කරමින් මිදුලට ගිය ඒශ්වර්ට නෙලුම්ගේ පපුව අතගෑවේය. " හරිද අමාරුව?! "

     " දෙහි ගෙඩියක් මිරිකගෙන එන්නකො.. "

" ඇයි?.. "

    " වමනෙ යන්න වගේ.. " නෙලුම්ගේ උගුරට ආවේය. " අනේ ගේන්නකො.. "

    මිදුලේ දෙහි පැලයෙන් ගෙඩියක් කඩාගෙන වක් පිහියෙන් දෙකට පැලූ ඒශ්වර් නෙලුම්ගේ කට අරවා බෑවක් කටට මිරිකුවේය.

   " ගිලින්න.. ඕක හරියයි.. "

     ක්ලාන්ත ගතියෙන් මෙන් කුස්සියේ දොර පඩිය මත හිදගත් නෙලුම් උලුවස්සට හිස තබාගත්තේය.

සියපතක රොන්සුණු ( Completed | BL | සිංහල | විද්‍යා ප්‍රබන්ධ  )Where stories live. Discover now