- 39 -

336 67 26
                                    


♡♡♡♡♡♡♡♡♡♡♡♡

" වසත් ස'! දහය වසරෙ අයියලා ටිකක් ග්‍රවුන්ඩ් එකේ ගහගන්නවා. හෙඩ් ප්‍රිෆෙක්ට් අක්කා කිව්වා ස'ට කියන්න කියලා. " හති දමාගෙන ආ කොල්ලා ආපසු දිව්වේ ආ දෙසටම ය. හත ශ්‍රේණියේ විද්‍යාත්මක පරීක්ෂණයක් සඳහා සැරසෙමින් සිටි වසත් පන්ති නායිකාවට පන්තියේ වගකීම මොහොතකට පවරා ක්‍රීඩා පිටිය වෙත පය ඉක්මන් කළේය.

ඔහු එහි යන විට ව්‍යවසනයන් බොහෝමයක් සිදු ව හමාර ය.

නාසය කඩාගත් අකේන්‍ය ලේ පෙරාගෙන නෙලුම්ගේ උරහිසකින් අදිමින් සිටියේය. නෙලුම් මායාන්ගේ සිරුර මත හිදගෙන ඔහු වෙත එල්ල කරන පහරවල් වලකන්නට ඒශ්වර් තැත් කරමින් සිටියේය. වසත් නෙලුම්ගේ උරහිසින් ඇද ඔහු පසෙකට විසි කර දැමුවේය. මායාන්ගේ තොල්පට පුපුරා නාසය කැඩී මුහුණ පුරා ලේ තැවරී තිබුණි.

" මොකද්ද යකෝ තොපිට බෙදාගන්න බැරි?! " වසත් කෑගැසුවේය. සාක්කුවෙන් ලේන්සුව ඉවතට ගත් ඔහු මායාන්ගේ මුහුණ මත ඇති රුධිරය පිස දැමුවේ වෙව්ලන අතකිනි.

" ස' මුගෙ ගෙදර ගිහින් මූ එක්ක බුදියගත්තනං මේ මොකුත් නෑනෙ! මුගෙ අසහනේට වටේ ඉන්න අහිංසකයොන්ගෙන් පලි ගන්න එකක් නෑ එතකොට! "

" නෙලුම්! අනුන්ගේ රෙද්දවල්වලට කට දාන්නැතුව පැත්තකට වෙලා ඉන්නවද?! "

" අනුන්ගේ?! " නෙලුම් බෙරිහන් දුන්නේය. සිය සුලු සොහොයුරා නොහොත් පෙම්වතාගේ පපුවට අතක් තබා තල්ලු කළ ඔහු අකේන්‍ය වෙත සිය දබරැගිල්ල දිගු කළේය. " මූ මං වෙනුවෙන් පණ දෙන්න වුණත් ඉන්න එකා! මුගෙ නහය පුපුරන්න ගහනකල් මට උඩ බලාගෙන ඉන්නද කියන්නෙ?! "

" හරි දැන් උබත් ගැහුවනෙ! අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නෙ තොට තියෙන ඒවා මදිද?! ඉදලා ඉදලා ආව දවසෙත් suspend වෙන්න වැඩේ කරගත්තෙ ඔය! මට තෝ අප්පිරියයි නෙලුම්. එච්චරයි.. හෙන අප්පිරියයි. "

" ............. "

" ගිහින් බෙහෙත් දාගනියව්... මගෙ යකාවුස්සගන්නැතුව. "

" ස' ස'ගෙ පොඩි පකයට කියන්න, අකේන්‍යට ආපහු අතක් උස්සලා තිබ්බොත් අතේ ගහන්නවත් අතක් ඕකට මම ඉතුරු කරන්නෑ. මං කවුද කියලා ඕකා දන්නෑ. "

සියපතක රොන්සුණු ( Completed | BL | සිංහල | විද්‍යා ප්‍රබන්ධ  )Where stories live. Discover now