- 43 -

378 66 27
                                    




♡♡♡♡♡♡♡♡♡♡♡

        නවය, දහය සහ එකොළොස්වන ශ්‍රේණිවල වර්ෂ අවසාන දෙමව්පිය රැස්වීම පන්තිකාමර වෙන් කොට තිබූ ලෑලි බොරු බිත්ති හකුලා බිත්තියට හේත්තු කිරීමෙන් සාදාගත් ශාලාවෙහි පැවැත්වීමට සංවිධානය කර තිබුණි.

        වසත් දෙස බැලූ මායාන් බිමට රැව්වේය. වසත්ගේ දෑස් රත් පැහැව මදක් ඉදිමී ගොසිනි. කඩවසම් පිරිමි මුහුණේ රැදි රැවුල් කොට අතර සැඟවී සිටි අහිංසකකමට පෙම් බැඳීම ඔවුන් සතුරන් බවට පත් කරන කාරණය වී තිබුණි. මායාන්ගේ හදවත රිඳුණේය.

       වසත් වෙත ගොස් පොතක් දිග හැරගෙන මොන මොනවාදෝ කුටුකුටු ගාන අකේන්‍ය හා නෙලුම් ගැන ඔහුගේ හිතේ රැදි වෛරය දලුලෑවේය. ඔහු අකේන්‍ය ට වෛර කළේය. ඔහු විහාරාට වෛර කළේය. සියල්ලන්ට වඩා ඔහු නෙලුම්ට වෛර කළේය. ඔහු හේතුවක් නොදැන සිටියේය. නෙලුම්ට ඇති පෙනුම තමා සතු වූවානම් වසත් ඔහු සතු කරගැනීම වඩාත් පහසු වනු ඇතැයි ඔහුට හැඟුණා පමණකි. නෙලුම් අංග සම්පූර්ණ ව අනර්ඝතම අමුද්‍රව්‍යයන් නිවීහැනහිල්ලේ නිමවා තමා මත නොසැලකිලිමත් ලෙස අඩුපාඩු ඉතිරි කළ දෙවියන්ට ඔහු වෛර කළේය. 

        ඔහුට නෙලුම්ගේ පෙනුම අවශ්‍ය නැත්තේය.

        ඔහුට වසත්ගේ ආදරය අත්‍යාවශ්‍ය වන්නේය.

 
  නෙලුම් දෙස බලා සිය ගුරුතුමා ඇස්වලින් සිනාසෙන අයුරු ඔහු තුල ගින්නක් ඇවිලුවේය.

       භාරකරුවෙකු ලෙස නෙලුම් වෙනුවෙන් ද ඒශ්වර් වෙනුවෙන් ද පැමිණ සිටියේ අසිපත් ය. ලියුම් දෙකම බාර දුන්න ද අමා ඒ ගැන වැඩි උනන්දුවක් නොදැක්වූවාය. අත්තම්මාටත් සීයාටත් ඕවායේ පැය ගණන් හිදගෙන සිටිය හැකි සෞඛ්‍ය තත්වයක් නොවන්නේය. අසිපත් කැමැත්තෙන් ම ඉදිරිපත් වූයේ නෙලුම්ගේ අඩු කැඩීමට නිතර කළ තර්ජනය යථාර්ථයක් කරගන්නට මෙය අවස්ථාවක් කරගැනීම පිණිස විය යුතුය.


        වෙනදාට වඩා වැදගත් ලෙස හැඳ පැළඳ සිටි අසිපත්ගේ කඩවසම්කම ගැන ඒශ්වර් ඊර්ෂ්‍යා කළේය. නෙලුම් ගැලපෙන්නෙ අසිපත් අයියට. ඔහුගේ සිත ඔච්චම් කළේ ඔහුගේ පෞරුෂය සමගිනි. සුසුමක් පිට විය.

සියපතක රොන්සුණු ( Completed | BL | සිංහල | විද්‍යා ප්‍රබන්ධ  )Wo Geschichten leben. Entdecke jetzt