- 49 -

648 73 46
                                    

හෙට කොටස අද ලිව්ව හින්දා අදම දුන්නා 🖤

♡♡♡♡♡♡♡♡♡♡♡

       ඒශ්වර් ගෙනා ඇදුම් හැදගත් නෙලුම්ගේ සීරීම් තුවාලවලට බෙහෙත් කරනු ලැබුවේ ද ඔහු විසින්ම ය.

     නෙලුම් ඒශ්වර්ගේ උරහිසින් මුව ඉවත් කරගන්නා සූදානමක් නොතිබුණි.

      අසිපත්ගේ රැවුම් ගෙරවුම් බලන්නට ඔහුට නූමනා වූවා විය යුතුය.

    " මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියල මුල ඉදන් දැනිලත් මේ වගේ අදහසක් මගෙ මොලේ අහලකටවත් ආවෙ නෑ වසත් ස'. මට මුලින් සැක හිතුණෙ මූ මහ පාන්දර කුස්සියෙ දොරෙන් එලියට පැනලා ඇවිත් මහ බැද්දෙ මැදක් ගිහිල්ලා වැව අද්දර පැය ගාණක් ඉදගෙන ඉදලා ආපහු එලිය වැටෙන වෙලාවට ගෙදරට දුවනවා දැක්ක දවසක.. "

      " තමුසෙ නෙලුම් ගැන ඔත්තු බලන්න ගත්තෙ කවදා ඉදන් ද?! " එවැනි යමක් සිදුව ඇත්නම් ඊට හේතුව ගැන වික්ශිප්තව සිටිය ද අසිපත් එහි සාක්ෂිකරුවෙකු වීමේ මහත් වරදක් ඒශ්වර් දුටුවේය.

      " ඔත්තු?! ඔත්තු බලන්න ගත්තෙ අර මුට වැහිලා ඉදපු යකින්න එලෙව්වට පස්සෙත් මූ ආය හීනෙන් ඇවිදලා බැද්ද අස්සෙ කැලෑ සත්තු කාලා මැරිලා යයි කියන බයට හුත්තො. " අසිපත් සමච්චල් ලෙස සිනාසුනේය. " මුට වැහිලා ඉදලා ඇති යකෙක් නෑ බං. අපි ඔක්කොම මූ ගානට ලස්සනට පත ගොං කරත්තෙක බැඳගත්තා. ඊටපස්සෙ අපි පිටින් මූ මුගෙ ගමන ලස්සනට යාගත්තා. "

    " හරි දැන් රන්ඩු සරුවල් කරගන්න නෙවෙයිනෙ ඒශ්වර් තියෙන්නෙ. අසිපත් පැහැදිලිව කියහංකො බං.. මොකද්ද මේ කියන හරුපෙ තේරුම..? "

    " ස'.. මං මේ ඇස් දෙකෙන් දැක්කා මූ ගිහිල්ලා මහ කැලේ ඉදගෙන ඉදලා එලිය වැටෙනකොට ආපහු එනවා.. මං ඈතින් ඉදගෙන ඒ පැය දෙකම බලන් හිටියෙ මූ මොකද්ද කරන්න යන්නෙ කියලා. මොකුත් කරේ නෑ. ආපහු ගෙදර ගියා. මට හිතාගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ මොකද්ද හේතුව කියලා.. ඒත් මේ ලඟකදි මං කොළඹ ගිහිල්ලා ගෙනාව චොක්ලට් වගයක් මුට දුන්නම මූ කිව්වා මුට චොකලට් ඇලජික් කියලා. " අසිපත්ගේ හකු එකට තද විය.. ඔහු වේගයෙන් හුස්ම ගත්තේය. ඔහු අතින් මිනියක් තවමත් නොමැරී තිබෙන්නේ වසත් හා ඒශ්වර් ඔහුව වැලැක්වූ නිසාත් නෙලුම් ගැන හෝඩුවාවක් දැනගන්නා තුරු මේ බොරුකාරයා ජීවතුන් අතර සිටිය යුතු නිසාත් පමණකි. " හැමදාම උදේට නෙලුම් කඩන්න වැවට අරන් ගිහින්.. ආපහු ගෙදරට එක්කරගෙන ඇවිත්.. මගෙ නෙලුම්ගේ Drug addiction එකට ඩොක්ට' prescribe කරපු පෙති දිය කරලා දුන්න හොට් චොකලට් එක ගැන දන්න මං කොහොමද ස' උට චොකලට් ඇලජික් කිව්වට විශ්වාස කරන්නෙ?! ඌ ඒකෙ වෙනසක් නොදැනි බිව්වෙත් ඒ චොකලට් හින්දා.. ඌ ගමක් දුන්නත් කයි චොකලට්.. මේ නෙලුම් නං මුට චොක්ලට් වහ වෙන්න විදියක් නෑ.. මේ නෙලුම් නෙවෙයිද කියලා නිකමට වගේ මගෙ ඔලුවට ආවෙ එදා.. ඒත් ඒක පිස්සු අදහසක් කියලා අයින් කරලා දාන්න හැදුවත් හැමවෙලේම ඒක කල්පනා කරද්දි මේ නෙලුම් නෙවේමයි කියලා මට හිතෙන්න ගත්තා. අද ගියාම ඩොක්ට' කිව්වෙ මුගෙ ලෙඩේ තාම අදුනගන්න බෑ කියලා.. ඇත්තනෙ.. ලෙඩක් තියෙන්න එපැයි අදුනගන්න!! දැන් මාස කීයක් ද?.. අවුරුද්දකට ලගයි තාම ලෙඩේ අදුනගන්න බෑ කියන්නෙ! අද මූ නෙලුම් අල කන්නැතුව පිගානෙ පැත්තක ගොඩ කරගන්නවා මං බලාගෙන.. මගෙ නෙලුම්ට නෙලුම් ඇඹුල කිව්වොත් ඊටවඩා දෙයක් නෑ.. ඌ දන්න ඕන එකෙක් දන්නවා ඌට මස් මාලු මොනවා තිබ්බත් නෙලුම් ඇඹුල තරම් ඒ එකක්වත් නෑ කියන්න.. ඊටත් වඩා කිරිඅම්මා හදන නෙලුම් ඇඹුල..! . මූ කරන්නෙ තනිකරම බොරුව!! මේ මගෙ නෙලුම් නෙවෙයි.. මට මගෙ නෙලුම් හොයල දුන්නැත්තං මං මූ මරලා හිරේ යනවා.! එච්චරයි. "

සියපතක රොන්සුණු ( Completed | BL | සිංහල | විද්‍යා ප්‍රබන්ධ  )Where stories live. Discover now