04🦋🤍

362 68 79
                                    

.................................

ඔයාට කියන්න නංගි මේකා පොතක් අතින් අල්ලන්නේ නෑ ~

ධීර් තමා මෙයාව නරක් කරන්නේ~

අපේ දිහාත් එහෙම තමා අක්කේ කොල්ලො දෙන්නම ගෙදර උන් දෙන්නට ගානක්වත් නැ පොඩි එකෙක් ඉන්නවා ඌ ගන්න දෙයක් නැ ලොකු එකා ගෙදර ඉන්නෙත් නැ ....අනේ මන්දා මෙ ලමයිට මොනවා වෙලාද කියලා ~

උන් දෙන්නට මොකුත් කියන්න බැ ක්‍රිශ් නිසා ඇයි ඉතිම් තාත්තට හරීයට රිදෙනවනේ පුත්තුන්ට බනිද්දි~

කවදා හැදෙයිද මන්දා ~



අපි දැන් ක්‍රිශ් අන්කල්ලගේ ගෙදර ඇවිල්ලා පැයකටත් වැඩී..ආපු වෙලේනම් බදාගෙන වෙලීගෙන ඇලීගෙන කට්ටිය දුක , සතුට බෙදාගත්තා..ඒත් දැන් දෙයියනේ මගේ සායම යවනවා අපෙ මැනිකේ..මීට විනාඩි දහයකට විතර කලියෙන් අපේ තාත්තයි , ක්‍රිශ් අන්කලුයි ගියා එලියට මං හිතන්නේ අද රෑට පොඩි ශොටක් දාන්න බියර්වත් ගේන්නද කොහෙද..එයාලා ගියාට පස්සේ අපෙ මැනිකෙයි ක්‍රිශ් අන්කල්ගෙ මැනිකෙයි කුස්සියට ආවා උයන්න..මාත් ඉතිම් ඒ පස්සෙන්ම ආවා..මං කියලා අර ඇට ලබ්බා එක්ක ඉන්නද....ඔයාලට කියන්න හලෝ මේ ගෙදර ඉන්නවා කොස් ඇට වවුලෙක් හේෂිත්ලු උගේ නම..ක්‍රිශ් අන්කල්ගෙ පොඩි පුතාලූ...ඒකා මහ එපාකරපු ඇට රිලවෙක්..ආපු ගමන් මට මහ බලු කතාවක් කිව්වනේ...දෙන්න තියෙන්නෙ පින්බත් කන ඌරට වකුගඩු දෙක ලෙප්ට් වෙන්න.....

ක්‍රිශ් අන්කලුයි , අන්කල්ගේ මැනිකෙයිනම් ගොඩක් හොදයි...ක්‍රිශ් අන්කල්ගේ මැනිකේ මට සුදු පුතා කියලත් කීවානෙ.හුම්!...තව මෙහෙ ඉන්නවා ආච්චී අම්මා කෙනෙක් එයා ක්‍රිශ් අන්කල්ගේ අම්මලූ...එයාගෙ හස්බන්ඩ් පොලිස් ඔෆිසර් කෙනෙක්ලූ එයා නැතිවෙලා තියෙන්නෙ වෙඩි වැදිලලූ...ආච්චී අම්මා තමා මටත් කිව්වේ විස්තර...එයා හරිම හොදයී හැබැයි ඉතිම් චුට්ටක් විතර කේන්ති යනවා ඒක වයසට යන හැම කෙනෙක්ටම තියනවනේ...ආච්චී අම්මටනම් අර ඇට වවුලව පේන්න බෑ..කොයිවෙලෙත් ආච්චී අම්මව ඇනුම් පද කියලා අවුස්සනවා...ඒ උනාට ආච්චී අම්මා කිව්වා ඒ වවුලට එයා ආදරෙයි කියලා ... තව පුතෙක් ඉන්නවලූ..එයාලු වැඩිමල්..මමනම් එහෙම එකෙක් දැක්කෙත් නෑ .. ආච්චී අම්මයි, ක්‍රිශ් මැනිකෙයි කිව්ව විදිහටනම් එයා වැඩිය ගෙදර ඉන්නෙ නැල්ලූ කාත් එක්කවත් වැඩි කතාබහක් නෑලූ...අදනම් ගෙදර ඉන්නවා කිව්වා ඒ උනාට මමනම් ඇහැටවත් දැක්කෙ නැ ඔය කියන ලොකු පුතාව...ඒකත් නැතෑ අර වවුලා වගේම..ආච්චී අම්මා  වැඩිපුරම ආදරේ ලොකු පුතාටලූ ඉතිම් ... අපිටත් ආසයි ඉතිම් ඔය මහලොකු ලොකු පුතාව බලන්න.ඇයි ඒකා ඒ තරම් මිනිමුතුද ඔච්චර හැංගිලා ඉන්නේ හරියට හොරකන් කරන් යයි වගේ....විකාර !!


අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now