3D🖤

172 18 3
                                    

"මිස්ටර් ඩිලේශ්....මම කලිනුත් කිව්වා...මම මේකට සම්බන්ධ නෑ කියලා...ඇයි තමුන්ට ඒක තේරෙන්නේ නැත්තෙ ??"

රයිකෝ හෙවත් ආර් කියන්නේ නොම්බර එකේ මැරයෙක්....ඔහු වැඩිපුරම කරේ සල්ලි වලට මිනිමැරූම් සිද්ද කිරීමයි.

ඔහුව පොලිසිය අල්ල ගත්තත්.....ඔහුට විරුද්ධව සාක්ෂි ප්‍රමාණවත් නැති නිසා...ඔහුට හැමවෙලේම ඇප ලැබුනා....

මෙදාපාර ඔහුව අහුවෙලා තිබුනේ කාන්තාවක්ට ලිංගික බලපෑමක් කරපු නිසායි...

පොලීසියට බැරිඋනත් ඔවුන්ට වඩා ඉදිරියේන් සිටි 3D කණ්ඩායම රයිකෝව අල්ල ගත්තේ ඉතා සූක්ෂමව.....

නමුත් රයිකෝ දිගින් දිගටම කිව්වේ මෙයට ඔහුගේ කිසිම සම්බන්ධයක් නැති බවටයි

බැරිම තැන 3ඩී කණ්ඩායම ඔහුව ඔවුන්ගේම ප්‍රශ්න කාමරේ යනුවෙන් හදුන්වන ස්ථානයට රැගෙන ගියා...

"රයිකෝ රයිකෝ! අපි මෙච්චර හොදින් ඔයාත් එක්ක ගනුදෙනුව කරලත් ඔයා ඔහොමනම් කියන්නේ......සොරි...මීට වඩා නම් අපිට ඔයාත් එක්ක මේ විදිහට කතා කරන්න බැරි වෙයි"

රයිකෝ සිටියේ අදුරු කාමරයක් තුලයි...ඔහුට පැහැදිලිව නොපෙනුනත්...තමන් දෙස පුද්ගලයන් තිදෙනෙකු බලං සිටින බව ඔහුට දැනුනා...එක් අයෙක් ඩිලේශ්ද...අනිත් දෙදෙනා පිලිවෙලින් ආර්යන් සහා අභිශේක් නම් විය....

මුලින්ම කතා කරේ 3ඩී කණ්ඩායමේ නායක ඩිලේශ්ය....

"පේන විදිහට දැන් වෙලාව ඇවිල්ලා...අපේ ක්‍රමයට උත්තර හොයාගන්න...."

ඩිලේශ් ගොරෝසු හඩින් කිව්වා...

"අභිශේක්....ගිහින් කසය අරන් එන්න"

තම නායකයාගේ නියෝගයට අවනත වූ අභිශේක් නිහඩව එතනින් ගිහින් නැවත ආවේ දිගු කසයක් රැගෙනයි...එය දුටු රයිකෝ බියෙන් වෙව්ලුවා....

එම කසය අතට ගත් ඩිලේශ් හෙමින් රයිකෝ ලගට ඇවිත් දණ ගහ ගත්තා

"මම තව එක අවස්ථාවක් දෙන්නම්.....හරිද රයිකෝ...........කොහෙද ඒ බොඩි එක!!!!"

රයිකෝ අමාරුවෙන් කෙල ගිල්ලා.....ඔහුට තේරුනා දැන් ගැලවෙන්න කිසිම මාර්ගයක් නෑ කියලා

Three detectives  🖤 |  zhanyi sinhala bl Love Where stories live. Discover now