කෙල්ල සොයා😳

130 18 4
                                    

"ආර්යන් මේක වෙන්න ඕන ගෙදර"
ඩිලේශ් කීවේ රියදුරු අසුනේ ඉදගෙන ශටර් එක පහලට දාගෙන ඉදියන් තිබ්බ සාමාන්‍ය නිවසක් දෙස බලමින්

"ඔව් බොස්....ඒක තමයි...යමු ගිහින් බලමු"

ආර්යන් සහ ඩිලේශ් වාහනෙන් බැහැලා එම නිවස වෙතට ගියා....එහි දොර වසා තිබුන බැවින් ඩිලේශ් තට්ටු කරා...

නමුත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ...

මද වෙලාවක් බලා සිටි ඔහු නැවතත් දොරට හය්යෙන් තට්ටු කරා...

ඔවුන්ට ඇහුනේ අඩි ශබ්දයක්....

දොර් ඇරුනා...

එය විවෘත කරේ මැදි වියේ පසුවන කාන්තාවක්....

ඇය ඔවුන් දෙස බැලුවේ කුතුහලයෙන්

"කව්ද මේ මහත්වරු?"

ඩිලේශ් යටහත් පහත්ව තම ID කාඩ් එක ඇය මත තැබීය...ඇය එය හොදින් බලා දෑස් ලොකු කරගෙන ඔවුන් දිහා බැලුවා...

"මේ සැලීගේ අම්මද?"

ආර්යන් ඇහුවම එම කාන්තාව බිම බලා හිස හෙමින් වැනුවා....

"අපිට සැලීව හම්බෙන්න පුලුවන්ද ?"

"අනේ මහත්තයා....සැලී දුව මේ දවස් ටිකේම අසනීපෙන් ඉන්නේ..කාත් එක්කවත් කතා කරන්නේ නෑ මහත්තයෝ"

සැලීගේ මව අඩන්න ගත්තා

ඩිලේශ් ඇයව සැනසෙව්ව..ඉන්පසු ඔවුන් දෙදෙනා එම නිවස තුලට ගියා

"කෝ දැන් අම්මේ සැලි"?

"සැලී එයාගේ කාමරයේ පුතේ...පුතාලට ඔච්චරටම මගේ දූට කතා කරන්න ඔන්නෙනම්...යන්න ගිහින් කතා කරන්න"

ඉතින් ඔවුන් ගියා...සැලීගේ කාමරයට...ඔවුන් යනවිටත් ඇය සිටියේ චිත්‍රයක් ඇද ඇද....

පොඩි ළමයි එක්ක ගනුදෙනු කරන්න පුලුවන් එක්කෙනෙක් තමයි ආර්යන් කියන්නේ..ඉතින් එයා සැලී ලගින් වාඩි උනා....සැලීගේ මූණ සුදුමැලි වෙලා තිබුනේ...

"හායි"

ආර්යන් සන්සුන් හඩින් කියද්දි සැලි ඔහු දිහා බලල ආයේ චිත්‍රයට අවධානය දුන්නා...

"ඔයා සැලි නේද?"

ඒත් සැලි කිසිම ප්‍රතිචාරයක් දුන්නේ නෑ....

Three detectives  🖤 |  zhanyi sinhala bl Love Where stories live. Discover now