රහස් කාමරයක්???😶😶

114 14 15
                                    

ආර්යන් සහ ඩිලේශ් එකිනෙකා දිහා බලං ඉදියේ වරදකාරි හැගීමෙන්...ඩිලේශ්ට ඒක ගොඩාක් බල පෑවා....

Mission එකක හිටියත් තමගේ සහෝදරයා වගේ හිටපු ආර්යන් සමග අර විදිහට හැසිරුන එක ගැන ඩිලේශ් හිටියේ අපහසුවෙන්

ආර්යන්ටද එලෙස හැගුන..නමුත් ඔවුන්ට කරන්න දෙයක් නෑ.....

මේ වැඩෙ සම්පූර්ණයෙන් ඉවර වෙනකම් මේ විදිහට ඉන්න ඕනේ කියලා ඔවුන් දෙන්නම දන්නවා....

පොඩි හරි සැකයක් අර මිනිස්සුන්ට දැනුනොත් හැම ප්ලෑන් එකක්ම වතුරේ....

" බබා....."

ඩිලේශ් අකමැත්තෙන් උනත් ආර්යන්ට ඒ විදිහට කතා කරා...ආර්යන් සුසුමක් පිට කරා

"හ්ම්"

"ඔයාට බඩගිනිද"

"අහ් 😶"

ඔව්...ඔවුන් රහස් පරීක්ෂකයන්....ඉතින් ඔවුන් රහස් සංකේත පාවිච්චි කරනවා අනිත් අය සැක හිතෙන්නේ නැති විදිහට

මෙයාල පවා ඒ ගැන හොදට හදාරලා තිබ්බේ

දැන් ඩිලේශ් ඇහුවේ බඩගිනිද කියලනේ අනිත් අයට ඕක සාමාන්‍ය දෙබසක් උනාට් ඒකේ ඇත්ත තේරුම් දන්නේ මෙහේ ආර්යන් පමණි

ඩිලේශ් ඇහුවේ... ඔත්තු බලන්න පටන් ගනිමුද් කියලා "

ආර්යන්ට තේරුනා ඩිලේශ් මොකක්ද අදහස් කලේ කියලා

" නෑ අනේ. දැන්ම ඕනේ නෑ...

ආර්යන් අදහස් කරේ " නෑ..දැන්ම ඕක කරන්න ඕනේ නෑ" කියලා

"ඇයි ඒ"

"මිනිස්සුන්ට අපි කරදර නොකර ඉමු...පව්නේ...අපි ඉවසන්න පුලුවන්නේ නේද?"

ආර්යන් අදහස් කරේ " මොකද දැන් හැමපැත්තෙන්ම ගාඩ් එක දාල ඇති ඒ හිංදා පස්සේ යමු " කියලා

ඩිලේශ් එයට් එකග වෙලා ඔලුව වැනුවා

ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං

ඩිලේශ්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවා

ඒ අභිශේක්

" කව්ද බබා"

කව්ද කියලා දැන දැනත් ආර්යන් ඇහුවේ සැක නොහිතන විදිහට

Three detectives  🖤 |  zhanyi sinhala bl Love Where stories live. Discover now