23 🦋🤍

281 59 58
                                    

.......................................

"ඉතින් අහස හදට තාමත් ආදරෙයිලුද චූටී මහත්තයා  ??

මං හිතන්නේ මගෙ ඇස් වලට කදුලු පිරුනා..හැබැයි ඒ බවක් මං එයාට ඇගෙව්වේ නෑ ..මොකද මට ඕන නෑ කවුරුත් ඉස්සරහ මං  දුර්වලයි කියලා පෙන්නන්න..එයා අහනවා අහස හදට ආදරෙයිද කියලා...හ්ම්ම් !! මං දිග හුස්මක් හෙලලා එයා දිහා බැලුවා..ලස්සනයී ඉතින් , වෙනදට වැඩිය ඒ මූණ එලිය වැටිලා..සිකරට් උරලම කලු ගැහිච්ච තොල් අග හීනියට හිනාවක් ඇදිලා..වෙනස්..හුගක් වෙනස්..මට ඒ වෙනස තේරෙනවා හැබැයි ඒකට හේතුව මට තාම හිතාගන්න බෑ....

එයා මගෙන් අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම ඕනද බං ? ඒකට උත්තරේ එයා හොදටම දැනගෙන මගෙන් අහන එක සාධාරණයිද ?

මං එයත් එක්ක හීනියට හිනාවෙලා ආයෙත් වැහි අන්දකාරය පිරුනු අහස දිහා බැලුවා විශේෂයක් නැ කලින් වගේමයී..මගෙ මුවින් ආයෙත් බර හුස්මක් පිට උනා..ඉතින් අන්තිමට මම හේශ් අයියගේ ප්‍රශ්නෙට උත්තර බදින්න හිතාගත්තා...


" හ්ම්ම්...අහස හදට තාමත් ආදරෙයි අයියේ..ඒ ආදරේට සීමා මායිම් නැති තරම්..අයියා දන්නවද හද නැති උනත් අහස හදටම කවි ලියනවා..අහසේ තරු කොච්චර පෑව්වත් අහස හදට විතරමයි ලෙංගතු...

ඉතින් , අවසාන වශයෙන් අහසට හද තරම් වටින දෙයක් තවත් නෑ..තේරුනාද මගෙ අයියට.."


" ඇයි හදට ඔච්චර  ආදරේ කරන්නේ.."

" මගේ කියලා දැනුන නිසා "

"................"

එයාට උත්තර නැති උනා..ඇයි ආදරේ කරන්නෙ කියලා අහද්දි මං මගේ කියලා දැනුන නිසා කියලා කියනකොට හේෂ් අයියට දෙන්න උත්තර නැතුව ගියා.ඒ වෙනුවට එයා කලේ මං දිහාම බලාගෙන ඉදපු එක වෙනකොට මට එයාගෙන් අහන්න ආයෙත් ප්‍රශ්නයක් මතු උනා...

ඉතින් මං ඇහුවා ,

" ඉතින් අයියේ අහස විතරද හදට ආදරේ..හද ආදරේ නැද්ද අහසට ????

" ................"

එයා නිහඩයී...ඒ මූන දුකින් පිරුනා..මෙච්චර වෙලාවක් එයාගේ තොල් අග ඇදිලා තිබුන හිනාව ඉබේම මැකිලා ගියා..ප්‍රශ්නෙට උත්තරයක් නැතුව එයා අතරමං වෙලා..හ්ම්ම් !! අද දවසේ තුන්වෙනි වතාවටත් මං දිග හුස්මක් හෙලුවා..ආයෙත් හිත් රිදීමක්..මා විසින් මටම  රිදවාගැනීමක්..ඉතින් ඒකට එයා වැරදි නෑ...

" මට ටික දවසක් දෙන්න චූටි.."

"ම්ම්ම්"


අපි අතර තිබුන නිහඩතාවය බිදලා හේෂ් අයියා කතා කරද්දී මම " ම්ම් " කියලා විතරක් මිමිණුවා..මොකද මට කියන්න තවත් දේවල් නැ...තිබ්බත් මට ඒ දේවල් එයාට කියන්න ඕන නැ...

මං හිතන්නේ දැන් රෑ දොලහත් පහුවෙලාද කොහෙද ... හේෂ් අයියා එයාට ටික කාලයක් දෙන්න කියලා ඉල්ලලා යන්න ගියා..කොහෙ ගියාද කියන්න දන්නෙ නැ හැබැයි එයා ගියේ ගෙදර නෙවේ මට ඒක හොදටම විශ්වාසයී...හේෂ් අයියා ගියාට පස්සේ මාත් ලිං බැම්ම උඩින් නැගිටලා ගෙට ඇවිත් සීතල ටයිල් පොලොවේ වැතිරිලා ඇස්දෙක පියාගත්තා.....

...........................................................

හරි හරි චුට්ටයි කියලා දන්නවා..

ම්හ්ක්...සමාවෙන්න ඉතිම් ...

200 followerslt thank u babala...

Mn adrei gdk...❤️

දෙන්නා සෙට් වෙන්න ලගයි ඔන්න....හුම්ම්...😪

මන් යනෝ

ඉක්මනට එනවා කියලා පොරොන්දු වෙන්න බැ හරිද ඒත් අනිවාරෙන් එනවා..........🤍

අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKWhere stories live. Discover now