01 🥀

338 26 2
                                    

"අනුරාගික නෙතු මානෙ පිය නඟලා
මන්දාකිණි තරු යායෙ සැරිසරලා
සිහින මවනා දෙනෙත සොයනා
පවන කලතා හැඟුම ගවසා "

සෙට් එකේ කලාලෝලීයා වෙන නවෝද් අතේ තිබ්බ නිල් පෑනයි කළු පෑනයි දෙකෙන් ඩෙස් එකට ගගහා සින්දු කියන්න ගත්තේ අමුතුම චූන් එකකින්.......

" අඩෝ නවෝදයා.......කාවද බන් උබ කලතන්න යන්නෙ......."

නවෝද්ගෙ චූන් එක එහෙම පිටින්ම අමු අමුවෙ විනාස කරපු කට හැකර මිනෙත් දිහා නවෝද් රවල බැලුවෙ කේන්තියෙන්........

" ශිට්......කෑවනෙ මුලු ෆීලින්ග් එකම ගෝතයා......."

" ගුඩ් මෝනින්ග් මචන්ලා....නවෝදයා මොකෝ මේ මලපැනල උදේ පාන්දරම......"

" ආ.......නෙතූෂයා උබ ආවද....."

මිනෙත් කිව්වෙ මගෙ කරට අත දාන ගමන්......මුන් මොකෝ දන්නෑ මන් එනකම් බලන් ඉදල තියෙන්නෙ බයෙත් බෑ.....

" ඕයි.......හම්මෝ.......උබල මෙතන ද......අපි උබලව හැමතැනම හෙවුවා......"

" උබල කැන්ටීන් අස්සෙ බඩගෑවට අපිනම් ඉන්නෙ පන්තිය අස්සෙම තමා......නැද්ද බන්......."

" අනේ මගෙ කට......"

ආයිත් මිනෙත් කෙල්ලො දෙන්නව අවුස්සන්න එහෙම කියද්දි උන්දෙන්නග් මූණවල් දෙක අපායට ගහපු කැලැන්ඩරේ වගේ උනා.....මට හිනා....මොනා කරන්නද....පව් තමා.....ඒත් හිනා යනව......

" දන්නවද අලුත්ම සීන් එක........"

තයන්සා එහෙම අහද්දි හැමෝම මූණට මූණ බලාගත්තා.......

~අනුරාගික සිත්~ || BL || NonficWhere stories live. Discover now