CHAPTER 1 🌱

836 68 28
                                    

" නිසල්.. ඒ පොඩ්ඩක් ශෙහාන්ව බලපන් බන්.. ඌ පිස්සෙක් වගේ හැසිරෙන්නේ.. "

" අනේ මට බෑ බන් ශෙහාන්ව ඒ විදිහට බලන්න.. උබ දන්නවා සසින් මම ඌ ගැන කොයි තරම් වද වෙනවද කියලා.. "

" මම දන්නවා බන්.. උබ ඉස්කෝලේ කාලේ ඉදන්ම ඌට ලව් ඒත් ඌ ගැන දන්නෙවත් නෑනේ බන්.. ඊටත් වඩා මේ වෙලාවේ ඌ ගැන බලන්න පුලුවන් උබට විතරනේ බන්.. අමුතුවෙන් කියන්න ඕනි නෑනේ බන් ඒ නැති වුනේ ඌ පන වගේ ආදරේ කරපු කෙල්ලනේ බන්.. "

" හ්ම්ම්ම්... මම බලන්නම්කෝ.. උබ හෙට දානෙට ඕනි අඩු පාඩු බලපන් එහෙනම්.. "

ශෙහාන් , සසින් , මම.. අපි තුන් දෙනා 1 වසරේ ඉදන්ම යාලුවෝ.. දැන් අපිට වයස 24ක් ඒත් අපි තාමත් කලින් වගේම යාලුවෝ.. හැබැයි මට ශෙහාන්ව විශේෂයි.. ශෙහාන් කියන්නෙ මගේ හොඳම යාලුවා වගේම මගේ ඒක පාර්ශවික ආදරේ.. දැන් 10ක් තිස්සේ මම එයා ලගින් එයාටවත් නොදැනෙන්න එයාට ආදරේ කරනවා..

මට ශෙහාන්ව යාලුවෙක්ට වඩා එහායින් දැනෙනවා කියන එක මට තේරුනේ ශෙහාන් මල්කි එක්ක යාලු වුන දවසේ.. කියාගන්න බැරි වේදනාවක් කියාගන්න බැරි ඉරිසියාවක් කියාගන්න බැරි කේන්තියක් එක්ක මම එදා තේරුම් ගත්තා මට එයා ගැන යාලුවා කියන හැඟීමට වඩා දෙයක් දැනෙනවා කියලා.. මම එයාට අවුරුදු 10ක් තිස්සේ ආදරේ කරා වගේම එයා මල්කිටත් අවුරුදු 10ක් ආදරේ කරා.. මල්කි දවස් 6කට කලින් ඇක්සිඩන්ට් එකකින් නැති වුනාට පස්සෙ එයා තනිකරම පිස්සෙක් වුනා.. එහෙම නොවී කොහොමද දෙයියනේ අවුරුදු 10ක් ආදරේ කරලා පරිස්සමෙන් බලාගත්තු ආදරේනේ.. මට ඒ දේ වුනත් මට වෙන්නෙත් එච්චරයි..

" හසී.. හසී.. මන් එනවා ඇතුලට.. "

මම කාමරේට යද්දි හසී පේන්න හිටියේ නෑ.. ෆෝන් එකත් ඇද උඩ.. කාමරේ වොශ් රූම් එකෙන් වතුර සද්දේ ඇහුන නිසා මම එහෙන්මම ඇදේ ඉදගෙන හිටියා එයා එනකන්..

එයාගේ ෆෝන් එකට හෝ ගාලා මැසේජ් එනවා.. හැමෝම එයාට මේ වෙලාවෙ හිත හැදෙන්න මොනා කිව්වත් එයා නෙවෙයි ඒවා කනකටවත් ගන්නේ.. වොල් පේපර් එකේ එයාගෙයි මල්කිගෙයි ෆොටො එක දිහා බලන් කදුලු වක්කරන එක විතරයි එයා කරන්නේ..
මැසේජ් වලට ඔන් වුන ස්ක්‍රීන් එකෙන් පෙනිච්ච ඒ ෆොටෝ එක දිහා මන් බලන් හිටියා..

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now