11 🥀

150 17 0
                                    

මන් අද ගෙදර ගියපු ගමන් කළේ හො‍‍ඳට ඇඟපත එහෙම හෝදලා කාලාබීලා එහෙම අද උදේ තේජාන් අයිය දීපු පොත කියවපු එක...ඒක කියවගෙන යද්දි මට තේරුනා ඒ පොත ගොඩක් ලස්සනයි කියලා...ඔව් ඉතින් නිකම් පොතකට තේජාන් අයිය වගේ කෙනෙක් මෙච්චර කැමතිවෙන්න විදියක් නැහැනෙ....මම කොහොම හරි පැය දෙකක් යන්න කලින් ඒ පොතම කියවල ඉවර කළා...කොහොමත් මන් නවල් කියවන්න එක්ස්පර්ට් නිසා මට කොහොමත් ඉක්මනට ඕන පොතක් කියවන්න පුළුවන්....කොහොමහරි මන් මුලු පොතම කියවලා ඉවර කළා....ඒක කියවල ඉවර වුනාම මම ඒක ගැන ටිකක් කල්පනා කරලා බැලුව...හරිම ලස්සන ආදර කතාවක්....ඒකෙ පොඩි BL සීන් එකකුත් තිබ්බා....ඒක කියෙවුවම මට වෙලාවකට හිතුනා මට තේජාන් අයිය ගැන තියෙන්නෙ ඒ වගේ හැඟීමක්වත්ද කියල...නෑ නෑ....එහෙම වෙන්න විදියක් නෑ...මට කොහොමද තේජාන් අයිය ගැන එහෙම ආදරයක් හිතෙන්නෙ....අනික මේ රටේ එහෙම දෙයක් වෙන්න බෑ නෙතූෂ් මේක ලංකාව...එතකොට මේ පොත....

" බීප් "

මට එකපාරටම නොටිෆිකේෂන් සවුන්ඩ් එකක් ඇහුණ නිසා මන් ෆෝන් එක අතට ගත්තෙ ඒ කවුද කියල බලන්න...බැලිත්නම් ඒ තේජාන් අයියා...මන් ඉතින් ඕපන් කරල බැලුව මැසේජ් එක....ඒකෙ තිබ්බෙ වැඩක් නැත්තන් මට කෝල් එකක් ගන්න කියල....මේකට මොකක් වෙලාද...හරිම වෙනස් ඒ ටිකේ...මම ඉතින් කෝල් එකක් ගත්තා.....මෙන්න යකූ ගත්ත ගමන් මේකා ආන්ස්වර් කළා...මොනාද දෙයියනේ මේ වෙන්නෙ..

" හෙලෝ අයියෙ...."

" නෙතූෂ්...."

" අයිය දීපු පොත මන් කියෙව්වා..."

" හ්ම්ම්....මොකද හිතෙන්නෙ..."

" අයියා කිව්ව හරි....ඒක හිතට දැනෙන පොතක්..."

" ඒකනෙ මන් කිව්වෙ..."

" අයියා මොකද කරන්නෙ..."

" මොනා කරන්නද...."

" හරි හරි...අයියෙ..."

" හ්ම්ම්..."

" මන් ඔයාට පොත හෙට දෙන්නම් ඈ..."

"  නෑ...ඔයා ඕක තියාගන්න..."

" අහ්..."

" මන් තියනවා....පාඩම් කරන්න....ලබන මාසෙ O/L නේහ්....හොඳට පාස් වෙන්න ඕන...."

~අනුරාගික සිත්~ || BL || NonficWhere stories live. Discover now