12 🥀

150 19 1
                                    

" මේ මේ....දැන් උබල හෙන නිදහස්නෙහ්....අපිට නම් තව මාසයක්ම තියෙනවනෙ....."

 සඳරු අයියා එහෙම කිව්වට පස්සෙ මට ආවා ලස්සන idea එකක්.....ඒත් ඒක හරියයිද දන්නෙ නෑ...

" අපි ඔය ඔක්කොම ඉවරවෙලා ට්‍රිප් එකක් යන්ද..."

මම අන්තිමට මගෙ හිතේ තියන එක කිව්වා...

" අඩේ මල්ලි ඒ අදහසනම් පට්ට ඈ......"

ජයෝද් අයියා එහෙම කියද්දි අනිත් හැමෝමත් ඒක අනුමත කළා.....ඒත් තේජාන් අයියා....ඇයි එයා මුකුත් නොකියන්නෙ...මන් එයා මොනාහරි කියයි කියල බලාපොරොත්තු උනා...ඔව්...ඒ විදියටම එයා මොනාද කියන්න හදනව....

" ඔයාලා යන්න මම එන්නෙ නැ.."

" අඩේ මොකක්ද බන් ඕයි සඳරුවො.....මෙන්න මේකා පිස්සු කෙළින්න හදනවනෙ...."

" ඒකනෙ බන්....මොකක්ද අප්පා ....."

ඇත්තටම මොකෙක්ද තේජාන් අයියෙ ඔයා...මන් මේ යෝජනාව දැම්මෙත් ඔයා නිසාමයි.....දැන් ඔයා කියනව එන්න බෑලු....

" ම්ම් හරි හරි ඕන එකක්....මේ අපි දැන් යනව...ඔයාලා එහෙනම් එන්ජෝයි කරගන්නකො....."

එහෙම කියපු සඳරු අයියා එතනින් ගියේ අපේ මිනේෂිට ඇහැකුත් ගහලා...මූ මොකාටද එන්න හදන්නෙ...කොහොමහරි අපි සෙට් එකම අපෙ ආගිය මතක සේරම කතා කර කර හවස් වෙනකම්ම ඉස්කෝලෙ හිටියා...

" ඒකනෙමේ බන්...දැන් උබලා මොනාද ඒලෙවල් වලට කරන්න හිතාගෙන ඉන්නෙ....."

ඔන්න මිනෙතයා එහෙම ඇහුවමයි මටත් කල්පනා උනේ මන් මුකුත් හිතලා නෑ නේද කියල තාම...ඇත්තටම මට කිසිම අදහසක් නෑ...

" මන් නම් Tech කරනව බන්....දන්න එකම දේනෙ..."

මිනෙතයා එහෙම කිව්වා...ඌ නම් ඇත්තටම tech side එක ගැන හොඳට දන්නව...එතකොට මන්...මන් මොකක්ද කරන්නෙ.....

" මන් නම් කරන්න ඉන්නෙ commerce "

යකූ මේකි...මන් හිතුවෙ මේකි බයෝ කරයි කියල හොඳ මොළේකුත් තියන නිසා...අනික තේජාන් අයියත් බයෝ නිසා මම හිතුවෙම තයන්සා බයෝ කරයි කියල.....මේකි කරන්නෙ කොමර්ස්ලුනෙ දැන්..

" ඒනම් මාත් කොමර්ස්..."

අම්මෝ අම්මෝ අපේ කපල් එක....මුන්ට ඉතින් ඒලෙවල් කරද්දිත් එතිලා ඉන්න ඕන වගේ....

~අනුරාගික සිත්~ || BL || NonficWhere stories live. Discover now