17 🥀

115 13 0
                                    

 තේජාන් අයිය නිදිමතයි කියල ගියාට මොකෝ...මටනම් මහම මහ අමුත්තක් දැනුණෙ....අනේ මගෙ විකාර...මන් හිතනව වැඩීනෙ...ඇත්තටම කිවුවොත් අපෙ අයිය කියන්නත් වගේ මන් ඕනවට වඩා හැම රෙද්දක් ම හිතනවා...ඒකයි මගෙ තියන ලොකුම අවුල.....ඕකම තමා ඉතින් තේජාන් අයියගෙ කටෙත් තියෙන්නෙ....අපරාදෙ කියන්න බෑ මන් වැරදිලා තමයි අපේ අයියා කියන ඩයල් එකගෙ මල්ලි උනේ...එයාගෙ ඇත්තම මල්ලි තමා තේජාන් හසරැල් පෙරේරා කියන්නෙ...මන් තමා කුණු කාණුවෙන් ඇහින්දගත්ත එකා.....

මන් අපෙ අයිය කියන ඩයල් එකට දෙහි කපන ගමන් කුස්සිය එහෙම අස් කරලා ටිකක් පාඩමුත් කරලා ගියේ නිදාගන්න...කවද කරපු වැඩද ඉතින් එවුවා....මන් එහෙම්මම තේජාන් අයියගෙ කාමරේට ඔලුව දාලා බැලුවා....එයා සැපට දොයි.....මන් ගිහින් එයාගෙ නළලට පුංචි හාදුවක් තියලා මගෙ කාමරේට ගිහින් නිදාගත්තා....

~~~~

මන් හිටියෙ ලොකු කල්පනාවක....අන්තිම හිතල හිතල මන් තීරණයක් ගත්තා...මන් ගත්ත තීරණය හරි....මන් නෙතූෂ්ගෙන් ඈතකට යනව.....මගෙ අන්තිම කාලෙ මට එයත් එක්ක ඉන්න බැහැ...මොකද මට බෑ වේදනාවෙන් මිරිකුනත් මන් ඉස්සරහ බොරුවට ඒ ඇස් හිනාවෙනව බලන්න...මන් එකපාර එයාව දාල ගියොත් එයාට කොහෙත්ම දරාගන්න බැරිවෙයි.....ඒකනිසා මෙහෙම සමුගැනීමක් හොඳයි.....සදහටම සමුගන්නවට වඩා......

නෙතූෂ් එනව වගේ මට දැනුණ නිසා මන් ටග්ගාලා නිදි වගේ රඟපෑවා.....මට දැනුනා එයාගෙ සීතල තොල් මගෙ නළල සිපගන්නව.....මන් ඔයාව දාලා යනව කියල දැන දැනත් මට මෙහෙම ආදරේ කරන්නෙ ඇයි තූෂ්.....මගෙ ඇස්වලට කඳුළු ආවත් මන් කොහොම හරි නෙතූෂ් යනකම් ඒ කඳුලු ඇස්වලම තද කරගෙන හිටියා...නෙතූෂ් ගියා වගේ දැනුණ නිසා මම මගෙ කඳුලුවලට ඔහේ නිදහස් වෙන්න ඇරියා.......

~~~~

මන් යද්දි තේජාන් අයියා හොඳටම නිදි...මන් එයාගෙ නළලට කිස් එකක් දෙනව.....ඒත් ඇහැරුනේ නෑ...මන් ටික වෙලාවක් එයා දිහා බලාන ඉදලා කාමරේට ආවා...මෙහෙමයි.....කොච්චර එයා දිහා බලන් හිටියත් එපාවෙන්නැහැ.....හැමදාම උනත් මට පුළුවන් එයා දිහා එක දිගට උනත් බලන් ඉන්න....මොකද කිවුවොත් මන් ඇත්තටම ඉන්නෙ එයාට ඇබ්බැහි වෙලා....ඒක ගලවගන්නම බැරි ඇබ්බැහියක්......

~අනුරාගික සිත්~ || BL || NonficTahanan ng mga kuwento. Tumuklas ngayon