මම ඇහැරෙනකොට මට දැනුණෙ නිකම් මගෙ ඔලුව උඩ මොකක් හරි ලොකු බරක් තියලා වගේ.....මන් හිමින් හිමින් මගෙ ඇස් අරින්න හැදුවත් මට දැනුණෙ මගෙ ඇස් පිහාටු එකට බැදිලා වගෙ...කොහොමහරි මන් අන්තිමට ඇස් ඇරියා...මට පෙනුණෙ සුදුපාට සිවිලිමක්....වටපිටාවෙ තියන සේලයින් බට පසුබිම එහෙම දැක්කම මට තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියෙ නැහැ මන් ඉන්නෙ හොස්පිටල් එකේ කියලා...ඉස්සෙල්ලා සිහිය නැති වුනාට පස්සෙ ඒ කියන්නෙ අපේ අයියා මාව හොස්පිටල් අරන් ඇවිල්ලා....එකපාරටම.....
" අඩේ උබ ඇහැරුණාද බන්...."
මට ඇහුණෙ මිනෙතයගෙ කටහඬ.....හොඳට වටපිට බලද්දියි මන් දැක්කෙ නවෝද් , මිනේෂි වගේම සඳරු අයියා ජයෝද් අයියත් මන් ළඟ හිටන් ඉන්නවා....මන් එතකොටම දැක්කා අයියත් මගෙ දිහාවට එනවා...දෙන්නෙක් අඩුයි.....ඔව්....ඒ මගෙ තේජාන් අයියා.... අනිත් කෙනා.....තයන්සා....දෙයියනේ තයන්සා මේ දේවල් දැනගත්තොත්.....දෙයියනේ ඒ කෙල්ලට මේවා දරාගන්න බැරිවෙයි...එයාට එක අයියා කෙනෙක් නැති වුනා...දැන් තව කෙනෙක්....අනේ....තයන්සා මට සමාවෙන්න බන් මට උබෙ අයියව බලාගන්න බැරිවුනා...මගෙ ඇස්වලින් කඳුලු වැටෙන නිසාද මන්දා අයියා මන් ළඟට ඇවිත් මගෙ ඔලුව අතගෑවා...
" දැන් කොහොමද පොඩ්ඩො...."
" ඔලුව පුපුරන්න වගේ අයියෙ...."
මට ඇත්තටම දැනුණෙ මගෙ ඔලුව නිකම් පුපුරන්න වගේ...මට සේලයිනුත් දීලා...එච්චරටම මට මොකක්ද වෙලා තිබ්බෙ...
" පුපුරන්නැති වුනොත්නෙ පුදුමෙ...උබ දවස් තුනක් එකදිගට නිදි..."
සඳරු අයියා එහෙම කියද්දි මන් අනිත් අය දිහා බැලුවෙ ඒ ඇත්තද කියල අහන්න වගේ....එයාලත් ඔව් කියලා ඔලුව වැනුවා....මොකක්...මන් එච්චර කල් නිදාගෙනද....ඒ කියන්නෙ මන් දවස් තුනක්ම සිහිය නැතුව ඉඳලා....
" අපි තේජානයාව ඉක්මනට හොයාගන්නව මල්ලි.....උබ බයවෙන්න එපා.."
ජයෝද් අයියා එහෙම කියද්දි මම කළේ එයා දිහා බලල හිනා වුන එක....ඔහොම කියන එකම මට ලොකු හයියක් ජයෝද් අයියෙ....මටත් ඕන ඉක්මනට මගෙ තේජාන් අයියව ආපහු මගෙ ළඟට ගෙන්නගන්න...
YOU ARE READING
~අනුරාගික සිත්~ || BL || Nonfic
Non-Fiction" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා යන්නම ගියා..! මගෙ ජීවිතේ කාන්තාරයක් කරලම..!" " මට බැරිවෙයිද ඒ වැස්ස වහිනකම් බලාගෙන ඉන්න කාන්තාරයට වැට...