24 🤍🦋

286 49 48
                                    

............................................

දින කීපයකට පසූ......





හිතාගන්න බැරි විදිහට කාලේ ගෙවෙනවා..කාලෙත් එක්ක මනුස්සයො වෙනස් වෙන්න ගන්නවා ඊට පස්සෙ අපිත් ඒ වෙනසට  හුරුවෙනවා..හරියට ලෙවල් අප් ගේම් එකක් වගේ...ලෙවල් එකෙන් ලෙවල් එකට ප්ලේ කරන්න තියන ගේම් එක වෙනස් වගේම අපිත් ඒ වෙනසට ආසා කරනවා....ඒත් උබලට කියන්න බං මේ ගෙවුනු දවස් ටිකේම නිකන් මට දැනුනේ මගේ ජීවිතේ එක තැන නතරවෙලා වගේ....ඒකට හේතුව උබලා කියයි හේෂ් අයියා කියලා ඒත් බං මට ඒකමද හේතුව කියලා හිතාගන්න බෑ....මගේ ජීවිතේ මේ ගෙවෙන විදිහ කිසිම තේරුමක් නැ මචං ඇත්තම කිව්වොත්.....

දවසින් දවස ඒලෙවල් එක්සෑම් එකත් ලංවෙනවා..පොතක් තියා අඩුම පෑනක්වත් අතින් අල්ලලා නැ මම තාම...පහු ගිය දවස් ටිකේම ස්පෝට් මීට් එකටයි , බිග් මැච් එකටයි දැගලුවා..ඊට පස්සෙ ක්ලාස් ගියා.ඒ ගියත් එතනත් නිදි කිරලා ආපහු ගෙදර ආවා...කිසිම තේරුමක් තිබුන් නැ මම ඒ දවස් වල හැසිරුනු විදිහ..මටම හිතාගන්න බැ ඒ හිටියෙ කලින් ඉදපු ඇට්ටර නෙත්රූමද කියලා...

හ්ම්ම්ම් !!!

හරි මචං දැන් උන දේවල් උනා...

ආය ඒ ගැන හිතලා වැඩකුත් නැ..කතා කරලා වැඩකුත් නෑ...

අපි ඉස්සරහට යං.................

හේෂ් අයියා ,

එයා ගැනනම් ඉතිම් කියන්න තරම් විශේෂ දෙයක් මං ගාව සිරාවටම නැ බං...

එදා රෑ එයා යන්නම් කියලා ගියත් හරි ආය මං දැක්කේ බිග් මැච් එක දවසේ...කිට මරලා නරි රෑනත් එක්කම පිටියට ඇවිත් ඉදියේ එයා...මට මොකද අනේ..අදුරන් නැ වගේ හිටියා මං....ආදරෙයි තමා ඒත් හිගාකන්න බැ මට ආදරේ උනත් ඔය හැටි...එයාට තේරුම් ගියපු දවසක එක්කො එයි නැත්තන් වෙන එකක් කරගහයී...වැඩිය හිතන්න හොද නැ....

එදා දවසේ හවස මං ගෙදර යනකොට රෑ හත හමාරත් පහු වෙලාද මන්දා..ඉස්කෝලේ ඉදන් පයින්ම ආවා සූකිරියා එක්ක..ඒ එද්දී මග රැකගෙන ඉදියා හේෂ් අයියායි අර භානුකයයි....භානුකයනම් අපි ලගට එනකන් ඉදලා සූකිරියව බයික් එකේ දාගෙන ගියා ..අරුත් මීක් නැ පගයා...ග්‍රාමසේවක මාමාට කියන්න වෙයි වගේ.....

Kamu telah mencapai bab terakhir yang dipublikasikan.

⏰ Terakhir diperbarui: May 01 ⏰

Tambahkan cerita ini ke Perpustakaan untuk mendapatkan notifikasi saat ada bab baru!

අවාරෙක මෙහි ඇවිත්_🦋🌙❤️ °|ආදරණීය කතාවක්|° ONHOLD🦋 TKTempat cerita menjadi hidup. Temukan sekarang