මෙදින සීනිගම පෙරහැර ගමන් ගන්නා අවසාන දිනය විය . රාත්‍රියේ සඳ තම පරිවාර වළාවන්ට හෝ අනවනත ව ඔහු ගේ රිදී වන් රේඛා දසත පතුරුවමින් මුලු පෙරහැර භූමි බාගයම ආලෝකවත් කර ඇත . දහවල් පෙරහැර දෙකක් රාත්‍රී පෙරහැර දෙකක් ලෙස දින සතරක් පැවැත්වෙන මහා පෙරහැර මන්ගල්‍යයේ සුන්දරම පෙරහැර , අවසාන දින රාත්‍රියේ එනම් අද දින රාත්‍රියේ ගමන් ගන්නා පෙරහැර බව සියලු බැතිනතුන්ගේ විශ්වාසයයි...
ඉදින් පෙර වතාවන් තුනෙහිම පෙරහැර නැරඹීමට පැමිනි පිරිසේ එක්තුවටත් වැඩි පිරිසක් මේ රාත්‍රියේ සීනිගම සිට හික්කඩුව දක්වා වූ ගමන් මාර්ගය ම හිස්ගෙඩිවලින් පුරවා දමා ඇත... මෙම විදුලි පහන් සිලු අතින් ගත් නරඹන්නන් ගේ දර්ශනය හුදෙක් සද නැති මුත් තාරකා පිරි රැයක අහස සේ මනස්කාන්ත ය.
කෙනෙක් හුස්ම ගැනීමට වාතය බිදක් සොයමින්ද , තවකෙක් පෙරහැර තවත් හොදින් බලාගැනීමට ඉදිරියට යෑමට පොරකමින්ද ඒ මේ අත තෙරපේ . නමුදු මේ සියල්ලක් අතර තුරම එක්තරා යොවුන් දෑසක් පෙර දින දුටු තරුණියකගේ දෑසක් පීර පීරා සොයයි...
" කලින් වතාවල් දෙකේ ම හිටියෙ මේ හරියෙ . අදත් අහල පහලම ඇති " ඔහු ඔහුටම පවසා ගනී.
එකවරම බඩ තුල හුංගන් අනින්නා සේ දැනුනු හැඟීමත් සමග නොසිතූ ලෙස ඔහු ඇයව දුටී . දෙදෙනාගේ ම දෑස් එකිනෙක ගැටිනි . ඇයට අපහසුතාවයක් දැනී ඇති බවක් පෙනෙන්නට තිබුනේ ඇය ඇයගේ ම දෑස්පිය අතර හැන්ගෙන්නට වෑයම් කරන්නාක් මෙන් ඇසිපිය ගසා අනෙක් අත හැරුනු බැවිනි....
නමුදු ඔහු නම් තවමත් ඇයගේ දෑස්
අතර , ඇයගේ සුන්දරත්වය උතුරා ගලා යන මුව මඩල අතර අතරමන් වූවෙකු සේ ඇය දෙසම බලාසිටියි..." සුද්දා " ඔහුගේ මිතුරෙකු ඔහුව අමතයි . හිසත් හරව හරවා පිස්සෙක් මෙන් අරහෙටත් මෙහෙටත් ඇවිදිමින්, මිනිසුන් අතර තෙරපෙන තම සගයාගේ පසුපසින් පැමින ඔහුට තරමක් කලකිරී තිබින...
YOU ARE READING
එක්තරා දවසක
Non-Fictionඑය 1983 සැප්තම්බර් මස මුල් දිනක් විය... සියලු දෙනා ලහි ලහියේ පාරෙ දෙපැත්තේ සුදු ඉර දෙපසින් බැද ඇති කඹය අසලට යෑමට මහත් වූ වෑයමකි . මන්ද යත් එදින පෙරැහර දවසක් විය . සියල්ලන් ම පෙරහැර බැලීමට හොද තැන් සොයද්දී , එක් යොවුන...