- 01 -

3.7K 171 88
                                    

' ශ්වේත ද රක්ත ද නේක පැහැ ගත්තද සහස්‍ර පත්‍රයෝ නම් සහස්‍ර පත්‍රයෝම වන්නාහ. '

                                                   _♡♡♡♡♡♡♡♡♡♡♡♡_

                                                   _♡♡♡♡♡♡♡♡♡♡♡♡_

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.






              වෛද්‍ය ටොශිරෝ මිසුශිමා ශල්‍ය මේසය මත ඇති තරුණ කාන්තා මළසිරුර දෙස බලාගත් වනම දිගු කල්පනාවක නියැලුණේය. වයස හතලිස් පහක පමණ කෙසඟ මුහුණේ රැලිවැටුණු නළල මත බැරෑරුම් ප්‍රශ්නයක් ඇදී තිබුණි.
    

       

       " දැන් ඕක වලදාමු නේද දොස්තර මහත්තයා? Burry woman

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

       " දැන් ඕක වලදාමු නේද දොස්තර මහත්තයා? Burry woman.." ජපන් ජාතිකයාට තේරුම් ගැනීමේ පහසුව උදෙසා ඉංග්‍රීසියෙන් දන්නා වචන ගැලපූ මිනිසාට ප්‍රතිචාරයක් නොලැබුණි. ආරා ආ බඩ දෙපාවලට තවත් දරාගැනීම අපහසු බව තේරුම් ගත් මිනිසා වෙත හැරී නොබැලූ වෛද්‍යවරයා  ඇගිල්ලකින් ඔහුට පිටව යන මෙන් සන් කර ශල්‍ය උපකරණ කට්ටලය ලං.කරගත්තේ පශ්චාත් මරණ පරීක්ෂණය ද සිදු කිරීමේ අදහසිනි. නිහඩ සන්සුන් වෛද්‍යවරයාගේ පිටුපා සිටි සිරුර දෙස මොහොතක් බලා සිටි ඔහු හැරී පිටව ගියේය.

       සුන්දර කතකගේ නිරුවත් මළ කය මත ඇති කැලැලක කොනේ සැත්කම් පිහිය තබා තද කළ වෛද්‍යවරයාගේ මුඛාවරණය සීතල වෙමින් ඇති රුධිරය වෑස්සී පැල්ලම් කළේ තෙතබරිත හඩක් නඟමිනි.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Onde as histórias ganham vida. Descobre agora