- 03 -

786 102 72
                                    

       වෙනදාට වඩා වේගයෙන් පොත් බෑගය ඇද මතට පතිත විය.

       එහා ඇදේ සිටි වසත්හිරු පරිඝනක තිරයෙන් හිස ඔසවා බැලුවේය. පින්නේ තෙමී අතුරුපසට ගත් අයිස්ක්‍රීම් සහිත පලතුරු සලාදය ඔහුගේ නාසය බර කර දෑස් රතු කර තිබුණි. වසර දෙකකට පමණ වරක් වැලදෙන සෙම්ප්‍රතිශ්‍යාව උණසන්නිපාතයට වඩා දරුණු ලෙස ඔහුට බලපාන්නේය. මායාන්ගේ මවගේ බලකිරීමට නිවාඩුවක් ලබාගත්තද වාර විභාග ප්‍රශ්න පත්‍ර හා පිලිතුරුපත් සකසමින් ඔහු දවසම පරිඝනක තිරය මත දෑස් එල්බගෙන සිටියා මිස විවේකයක් නොලැබුණි.

       " ....... " හිස ඔසවා බලා නැවත පරිඝනකය මත දෑස් තබාගත් තරුණයා මායාන්ට නොරිස්සුවේය. වේගවත් සුසුමක් පිට විය. අඩි හඩට වහළයේ උලු පලුදු වන තරම් වේගයෙන් ඔහු සිය ඇදුම් අල්මාරිය වෙත ගමන් කළේය.

        නැත. ගුරුතුමා තවම පරිඝනක තිරයෙන් දෑස් ඉවතට ගන්නා සූදානමක් නැත.

        දිගු පාදයකින් අල්මාරිය මතට පහරක් වැදුණේය. අල්මාරියෙන් පිට වූ හඩට වඩා හඩක් නවයෞවනයාගේ මුවින් පිට විය. සපත්තු සහිත කකුල බදාගත් ඔහු ඇද මතට වැටුණේය.

       " මොකද මායාන්?! " ගුරුතුමා අවසන නැගිට ඔහු වෙත ආවේය. වේදනාව විසින් මරුවිකල් කරනු ලැබ සිටි කොලුවා ඔහු උරහිස මත තැබූ අත තල්ලු කළේය. ඇස් මත අග්නිජාලාවක් රැදුණි.

        " ස'ට මොකද්ද නෙලුම් ගැන ඔච්චරටම තියෙන අමාරුව?! " මායාන් බෙරිහන් දුන්නේය. වික්ශිප්තව බලා සිටි ගුරුවරයාගේ නිහඩබව පවා ඔහු කෝප ගැන්වුවේය. කම්මුල් කදුලින් තෙත් වුණි. යන්තම් දලුලන දැලි රැවුල බාන විට තලයට සීරී ගිය මෘදු සම ලුනු දැමූ කලෙක සේ වේදනාකාරී විය. " ස'ට නෙලුම් ගැන එච්චර අමාරුවක් තියෙනවනම් එහෙ නවතින්න ගිහින්! මගෙ කාමරේ ඉඩ නෑ අදින් පස්සෙ. "

         " මොකද මායාන් මේ?! කුස්සියට ඇහෙනවා සද්දෙ! " මව පැමිණියේ මාළු බදිමින් සිටි තෙල් හැන්ද ද අතැතිවය. වික්ශිප්තව බලා සිටින ගුරුවරයා දෙසත්, කෝපයෙන් පුපුරන තලෙලු කොලුවා දෙසත් මාරුවෙන් මාරුවට බැලූ ඈ  පිලිතුරු බලාපොරොත්තු වූවාය.

සියපතක රොන්සුණු ( Completed | BL | සිංහල | විද්‍යා ප්‍රබන්ධ  )Where stories live. Discover now