- 04 -

691 97 37
                                    

     
  " චූටි! පු#ට වදින්න ඕනැද ඇවිත් බත් කන්න කියලා? "

    ".... "

  " මොකද මේ?! අන්න අප්පච්චි කන්න කතා කරනවා. නැගිටල වරෙං බං. "

    අකේන්‍ය හිස අනෙක් පසට හරවාගත්තේය. පාඩම් මේසය මත හිස තිබුණත් හිත එක තැනක නැති විය. ශෙනුල් වෙනදා මෙන් තරවටු නොකළේය. බත් පිගාන ගෙනැවිත් කටක් දෙකක් කවන අදහසින් ඔහු මුලුතැන්ගෙට ගියේය.

        " චූටි.. දැක්කනෙ කන්නෙ නැතුව ඉදලා නෙලුම්ට වෙලා තියෙන දේ? හාමත් වෙන්නැතුව කනවා ඕයි. ඌ උබෙ මිනිහද?! " බත් කටක් අනා අකේන්‍යගේ මුවට ලං කරනු ලැබුණේය. අකේන්‍ය අත ඉවතට කළේය. බත් බිම පුරා විසිරුණි. ශෙනුල්ගේ ඉවසීමේ සීමාව එසේ පසු විය. බත් පිගාන ඇද මත තැබූ ඔහු අකේන්‍යගේ හිස පිටුපසට පහර දෙකක් ගැහුවේය. " බෙදාගෙන කාපිය වේ#ගෙ පුතා! බඩගින්නෙ මැරුණත් මං බලන්නෑ ආය. " වැඩිමල් සොහොයුරා ගෙරෙව්වේය.

    " තමුසෙයි මද්දු අයියයි හින්දා තමයි නෙලුම්ට ඔහොම වුණේ.. "

      " අපි මොකද්ද කරේ?! "

" .... මං හින්දා තමයි.. මං නෙලුම්ව දාල ගිය හින්දා තමයි...  මං ඔය ඇමතියගෙ පාහර කොල්ලව තියන්නෑ.. තිරිසන් පකයා! "

     " ආහ්.. උබ එල්ලයි ඌ දැන්. අනේ මේ ඇටමැස්සා වගේ ඉදගෙන ඩ්‍රැගන් ටෝක් නොදී ඉදපං බං. " අකේන්‍ය අසුනෙන් බැස්සේය. අයියාගේ පැනය ඉවත දමමින් පාවහන් යුගල පැලදගත් ඔහු මිදුලට ගියේය. වෙනදා මෙන් හොල්මන් ගැන බයක් ඔහුට නොදැනුණේය්. ඔහුගේ හදවත වේදනා දුන්නේ තේරුම් නොකලැකි අයුරිනි. කිසිවෙකු ගැන හිතේ නූපදින වෛරයක් ඇමති පුතා කෙරෙහි ඔහු සිත දලුලමින් නැගුණේය. අහසේ සඳ වලාවන් අතර සැගව ගොස් තිබුණේය. මිහිදුම ලඟපාත ගස් අතරින් පෙනෙන වෙල් යාය හා ලදුකැලෑ උඩින් ගලා ගියේ දියඇල්ලක් මෙනි. ඔහුට සීතලක් දැනුණේය.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සියපතක රොන්සුණු ( Completed | BL | සිංහල | විද්‍යා ප්‍රබන්ධ  )Where stories live. Discover now