අකේන්‍ය නෙලුම්ගේ අතකින් අල්ලාගෙන වැව් තලාවේ සුදු වැල්ල මත ඇවිද්දේය. ජපන් ජබර මල් පොකුරක් ඇගිලි අතර රෝල් කරමින් ඔහු නෙලුම් දෙස බැලුවේය.
" මොනා උනත් පව් නේද බං මායාන්? වසත් ස' එක්ක දැන් කතා කරන්නත් බයයි. වසත් නෙවෙයි යකෙක්. අද ගෙදර ගිහිනුත් කන්න වෙයි දැන්.. ගෙදර ඔක්කොම ටීච'ස්ලනෙ.. "
" හ්ම්ම්... "
" සිරාවට.. මොකෝ බං වුණේ? වසත් ස'ට එච්චර කේන්ති යනවා කියලා මං හිතුවෙවත් නෑ. "
" මායාන්ගේ කට වැඩී නේද ටිකක්. "
" එහෙමමත් නෑ ඉතින්.. "
" ස' එක්ක talk back කරන් ගියා.. මං හිතන්නෙ ඒ හින්දා වෙන්නැති.. "
" පව් බං.. මායාන් ඇඩුවත් එක්ක. ස'ගෙ තමයි වැරැද්ද. කරේ තියන් ඉදලා ඩිංග බැරිවුණාම මරන්න හදනවා. "
" ස' කරේ තියන් නෑ, ඌ තමයි කරේ නගින්න දගලන්නෙ. "
" මටත් ඒකනම් දැනිලා නැත්තෙත් නෑ.. "
" ඒවයින් වැඩක් නෑ. ඇයි අපි දැන් වැවට ආවෙ? සීයා දැනගත්තොත් අර අයියට කියලා මට බන්නවයි. "
" ... වැව බලන්න ආවෙ. තව්සෙ දැන් නෙලුම් විකුනන්නෙ නෑනෙ. දැන් කැමති තැනක එක්කන් යන්න පුලුවන්. ඉස්සර නං ලෝබකමට මල් ලෑල්ලෙම එල්ලිච්ච ගමන්. ඊටපස්සෙ සිගරට්- "
" ඇයි නැවැත්තුවෙ? "
" නෑ.. නෙලුම්ට මතක නෑනෙ ඒවා. "
" ඉතින්.. මතක් කරන්න කියලනෙ ඩොක්ට'ස්ලා කිව්වා කීවෙ.. "
" නරක දේවල් මතක් කරලා දීලා ආය විනාශ වෙන්න අරින්නද? "
" මොනාද නරක දේවල්? "
" ඒවා ඕන්නෑ.. නෙලුම් දැන් ඉන්න විදිය ශෝක්.. ඉස්සරත් නරක නෑ. ඒත් ඉස්සර කවදාවත් මං එක්ක මෙච්චර කතා කරේ නෑ.. කිව්වට එන්නෙත් නෑ, අපේ අයියලා බනිනවා කියලා මගාරිනවා. "
" අදත් ආවෙ බලෙන් ඇදගෙන ආව හින්දනෙ. කැමැත්තෙන් ද? "
" හරි ඉතින්.. ඉස්සර බලෙන්වත් ඇදගෙන එන්න බෑනෙ. "
YOU ARE READING
සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )
Science Fictionමේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? " " උ...