- 21 -

400 68 29
                                    




" අත්තා.. "


" මයෙ රත්තරං පුතේ.. ඇයි උබ අඩන්නෙ? "


" අත්තා... අනේ අත්තා මට අමාරුයි.. මාව බේරගන්නකො.. " නෙලුම්ගේ ඇස්වල පිරුනු කදුලු කැට කම්මුල් දිග ගොස් බිම පතිත විය. වැටෙන කදුලුවල හඩ ඝාන්ඨාර හඩ සේ තීව්‍ර හඩින් ඇසුණි. නෙලුම් ලේ පෙරාගෙන කොහු ඇදේ වැතිර සිටියේය. තුවාලයක් පෙනෙන්නට නොවූවත් ඔහු වේදනාවෙන් ඇඹරුණේය. කුප්පි ලාම්පු එලියෙන් ඔහුගේ ඇස් තරු කැට සේ දිලිසුණේ ය.



" උබට මොකද්ද මේ වුණේ මගෙ දෙයියො..? " අත්තා ගෙතුලට එමින් බෙරිහන් දුන්නේය. කිරිඅම්මා නිදි පැදුරෙන් නැගිට බැලුවාය. නෙලුම්ගේ පපුව දෙකඩ කරගෙන ආවේ සුදු මිහිදුමකි. සුදු දිග ගවුමකින් සැරසුනු දැරියක නෙලුම්ගේ සිරුරට ඉහලින් පාවෙමින් සිට ඔහුගේ ගෙල සිය ඇගිලි අතර සිර කරගත්තාය. තියුනු මහපොටැගිලි තුඩු දෙකෙන් නෙලුම්ගේ මෘදු ගෙල මැද සිදුරක් ඈ සෑදුවාය. කොලුවා විලාප තැබුවේය. ඇය ඔහු ගෙලේ සිට යටි බඩ පෙදෙස දක්වා පතුරු ගැසුවාය. ලේ දසත විසිරුණි. සුදු හංස පැටවුන් දෙදෙනෙකු ලෙයින් නැහැවී රතු පැහැයට හැරී ඔහුගේ කුස මැදින් පිටතට ඉගිලී ගියහ. එකෙකු උලුවස්සෙහි වැදී ගෙල කැඩී බිම පතිත විය. අනෙකා ඉගිල්ලී ගෙයින් පිට විය.

හමගැසූ නෙලුම්ගේ මළකද ඉදිරිපිට සිය බිරිද විලාප තබමින් හඩන අයුරු ඔහු දුටුවේය. මිහිදුමෙන් සැදුම්ලත් දැරියගේ වියරු හිනා හඩ කන් බිහිරි කළේය.


" අප්පච්චි! අප්පච්චි නැගිටින්න! "


ඔහු අවදි වූයේ දහදියෙන් පැදුර තෙමාගෙන ය. හදවත ගිඩි ගිඩි ගා ගැහුණේය. ඔහු ගෙතුලට දිව ගොස් කොහු මෙට්ටය දැමූ ඇද දෙස බැලුවේය.

නෙලුම් හා ඒශ්වර් නින්දේ පසු විය.


පියදාස පපුව අල්ලාගෙන බංකුවට බර විය. කිටිකිටියේ ඔහුගේ ඇස්වලින් කදුලු කඩාහැලුණේය. " මයෙ රත්තරං කොල්ලා.. " තමාට ලගින් වූ නෙලුම්ගේ රෝස පැහැ පාද අතගෑ ඔහු දෑත් එක්කොට අහසට වැන්දේය.



සියපතක රොන්සුණු ( Completed | BL | සිංහල | විද්‍යා ප්‍රබන්ධ  )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ