- 47 -

416 67 36
                                    

නෙලුම් තෙල් අල්ලක් ගෙන නෙලුම්ගේ කේශ මූලයන්හි ගල්වා සම්බාහනය කරන අත්තම්මාගේ උකුලට හේත්තු වී බංකුව මතම නෙලුම් මුව මදක් අයාගෙන ගැඹුරු නින්දකට වැටී තිබුණි.

       " කොල්ලගෙ කොන්ඩෙ වේලිලා හොදටෝම.. "

" නෙලුම් අයියා ලස්සන වැඩි නැද්ද අත්තම්මෙ.. " බූරු ඇදේ දිගා වී සුරතල් ලෙස අයාගෙන සිටි සිය පෙම්වතාගේ රතදරයන් හි රත් නෙලුම් පැහැය නරඹමින් උන්නේ ඒශ්වර් ය. " ලස්සන වැඩි උනාම ආදරේ කරන එකාට තමා හිතේ නිවනක් නැත්තෙ.. "

      " මේ ඇටිකිච්චට මොන ආදර ද පුතේ.. ආදරේ කරන වයසක් යැ මේක.. ඉගෙනගන්නෙත් නැතුව කෙල්ලො ගෙනත් ලස්සන තමා කන්ඩ වෙන්නෙ ඒකිට "

   කෙල්ලෙක් ගැන කතා කළේ කවුද? ඒශ්වර් කරබාගත්තේය.

" දකින දකින එකා කියන එකනං කියනවා.. මෙච්චර ලස්සන මනුස්සයෙක් ජීවිතේට දැකලා නෑ කියලා. මයෙ පොඩි එකාට ඇස්වහ කටවහ වැඩි හරියක් තියෙන්නෙ.. මේකෙ උං ඇස්වලින් කාලම. "

      ඇස් වලින් කන බවනම් සත්‍ය ය. ඇස්වහ ගැනනම් ඔහු වැඩි යමක් නොදන්නේය.

    " පව් අත්තම්මා නෙලුම් අයියා.. තාත්තට මේ පාර ආවම නෙලුම් අයියට ලස්සන ඇදුම් ටිකක් ගෙනත් දෙන්න කියන්න ඕන. අම්මා හැමදාම ඇදුම් ගන්නවා නෙලුම් අයියට හරියට තැනකට අදින්න එකක් නෑ. මගෙ ඒවත් ඉනෙන් ටිකක් ලොකු වැඩී.. "

    " ඔය චිත්තරපටි ගහන මහත්තයෙක් ... " අත්තම්මා ආඩම්බරයෙන් සිනාසුනාය. " මුට ඇති.. අවුරුදු.. තුනක් මං හිතන්නෙ.. කිලිනික් ඇරන් ගියෙ මං නෙව.. ත්‍රීපෝසා පැකැට් තුනකුයි කොල්ලයි උස්සගෙන මං පාරෙ එද්දි දවසක්... ගිය වාහනේ ආපහු හරවගෙන ඇවිත් නැවැත්තුවෙ නැද්ද මං ඉස්සරහා.......... මට බයකුත් හිතුනා. ඇයි යකෝ.. කොල්ලව උදුරගෙන වාහනේට දාගෙන ගියොත් මොන දෙයියන්ඩ කියන්ඩද කියාපංකො! ආපහු හැරිලත් ආව එක මට ඇල්ලුවෙ නෑ........ බැලින්නම් කතා කරලා.. කොල්ලව මොකද්ද චිත්තරපටියක ළමා චරිතෙකට ගන්ඩ අහන්ඩ. මගෙ ඕව ගැන දැනුමක් නෑ නෙව.. මං කියව්වා කොලුවගෙ සීයගෙන් අහලා බලන්ඩ ගෙදෙට්ට එන්ඩ ය කියලා.. ආවා තමයි.. උබලෑ අත්තා පටන්ගත්තෙ නැද්ද අමු තිත්ත සිංහලෙං!... ආය ආවෙ නෑ චිත්තරපටි ගහන්ඩ කොල්ලො හොයන්ඩ.. " ඈ උස් හඩින් සිනාසුනාය. ඒශ්වර් ඈ හා එක්ව සිනාසුණේ නෙලුම්ගේ කැරලි හිසකේ ඇගිලි අතර පටලමින් ඒ හා සෙල්ලම් කරමිනි.

සියපතක රොන්සුණු ( Completed | BL | සිංහල | විද්‍යා ප්‍රබන්ධ  )Where stories live. Discover now