chapter 01

221 16 2
                                    

"හුත්තො නැගිටපා..........න්න්න්න්"

ජීවිතේට මොන තරම් සැප සම්පත් තිබ්බත් මේ එක දෙයක්වත් මට වැඩක් නෑ. මට මේ ලෝකෙ තිබුන වටිනම වස්තුව නැත්තටම නැති වෙලා ගිහින්. මේක මහ වැඩකට නැති ජීවිතයක්. ඉස්කෝලේ යන කාලෙ ඉදන් හීන පස්සෙ දුවලා දුවලා අන්තිමේදි ,  බලාපොරොත්තුවෙන් ඉදපු  ආස කරපු ලෝකේ මං අයිති කරගත්තට මට වටිනම දේ, මාව සනසපු එකම වස්තුව මට නැත්තටම නැති වෙලා ගියා.
ඉපදීම දුකක්....
උදේම අවදි වෙන එක මේ හැමදේටම වඩා දුකක්.

ඔව් ඇත්ත මං ගොඩක් දුකෙන් ඉන්නෙ මේ වෙලාවෙ මට කිසි අරමුනක් නෑ වගේ හැගීමක් දැනෙනවා.

වෙයිට් වෙයිට්. මම ගැන කිව්වොත් මගෙ නම පවන් දම්සර සදරැස් එක්නැලිගොඩ.

  මගේ නම අහපු ගමන් ඕන කෙනෙක්ට මතක් වෙන්නෙ රොමේශ් සුගතපාලගෙ සින්දුවක්ලු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


  මගේ නම අහපු ගමන් ඕන කෙනෙක්ට මතක් වෙන්නෙ රොමේශ් සුගතපාලගෙ සින්දුවක්ලු. මට දැන් වයස අවුරුදු 26ක්. මං ඉපදුනෙ හැදුනෙ වැඩුනෙ කොලඹ. ඒත් මගෙ අප්පච්චිගෙ ගම මහනුවර. එයා කියන විදියට අපේ අප්පච්චිගෙයි අම්මාගෙයි සම්බන්දෙට අප්පච්චිලගෙ ගෙදරින් විරුද්ද වෙලා.

මගේ අම්මා කොහේ කොහොම ජීවත් වෙනවද නැද්ද කියලා දන්නෙ උඩ ඉන්න දෙවියො තමයි.
මං අම්මා ගැන අහනවට අප්පච්චි කැමති නෑ ඒත් එයා කියනවා අම්මා මට හුගක් ආදරෙයිලු අම්මට කවදාවත් වෛර කරන්න එපාලු... ඇත්තටම මට එයාව දකින්න ආසයි.

අම්මා කෙනෙක්ගෙ ආදරේ මොන වගේද කියලා විදගන්න ආසයි. ඒත් ඉතිම් මෙච්චර කාලෙකට මං මූන දුන්න අත්දැකීම් අභියෝග එක්ක මං බැදීම් කියන දේයින් ගොඩක් ඈත් උනා. මට ගොඩක්ම ලග කෙනා අප්පච්චි. ඒත් මට තේරෙනවා පොඩි කාලෙදි වගේ ලොකු බැදීමක් අපි අතරත් දැන් නෑ කියල. කොටින්ම කිව්වොත් මට දැන් කිසි දේකට කිසි කෙනෙක්ට බැදීමක් කැමැත්තක් ආදරයක් ඇති වෙන්නෑ.

ඇනබෙල් (Yizhan) ONHOLDWhere stories live. Discover now