41 🌹

1.5K 166 219
                                    

කාමරේ බිම පුරා පොත් අතුරගෙන , lap එකත්  on කරලා බිම තියාගෙන , lap එකෙන් mind relaxing music එකකුත් play වෙන්න දාගෙන ඇද ගාවම බිම දිගා වෙලා ටෙරාන් assignment එකකට report එකක් හදන ගමන් හිටියා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


කාමරේ බිම පුරා පොත් අතුරගෙන , lap එකත්  on කරලා බිම තියාගෙන , lap එකෙන් mind relaxing music එකකුත් play වෙන්න දාගෙන ඇද ගාවම බිම දිගා වෙලා ටෙරාන් assignment එකකට report එකක් හදන ගමන් හිටියා.

තනිකරම වැඩේට focus එක දීල හිටිය ටෙරාන්ට අභිත් කාමරේට ඇවිත් සපත්තුත් ගලවල බෙල්ට් එකත් ගලවල එයා ගාවින් හාන්සි වෙනකන්ම අභිත් ආව බවක්වත් දැණුනේ නෑ.

" ඒයී... ඔයා... ඔයා කොයි වෙලේද ආවේ ?"

" ගේට්ටුව අරිනව ඇහුනෙත් නෑ , වාහනේ වත්තට දානවා ඇහුනෙත් නෑ , ගෙදර දොර අරිනව ඇහුනෙත් නෑ , කාමරේට ඇවිල්ලා විනාඩි 5ක් විතර බලන් ඉදල මෙතනින් හාන්සි වෙනකන් ඒ දන්නෙත් නෑ. "

ටෙරාන්ගේ එහා පැත්තෙන්ම බිමින් හාන්සි වෙලා වැටමිටට බරදීල කම්මුලෙන් අතත් තියාගෙන ටෙරාන්ගේ නහයට අනිත් අතේ ඇගිල්ලෙන් තට්ටු කර කර අභිත් කියද්දි ටෙරාන් නහය අකුල ගත්තා.

" හරි ඉතින් මන් මේ වැඩේ ගැන අවධානෙන්නේ හිටියේ... "

" මොකෙක් හරි ඇවිත් උස්සන් ගියත් ඔච්චර තමා. "

" මාව උස්සන් ගියොත් ඉතින් ඒ ඔයාම තමයි . "

" මන් ඇවිත් ඔයාගේ වැඩේට disturb කරාද ? "

" ඒයි.. ඔයා එහෙම අහනවට මන් ආස නෑ කියලා ඔයා දන්නව නේ... "

ටෙරාන්ගේ කොණ්ඩෙ අවුල් කරපු අභිත් එයා ගෙනාපු French Fries bag එකෙන් Fries  අහුරක් අරන් කටට දා ගත්තා.

" මන් හිතුවෙ හවස මතක් කරපු නැති නිසා ඔයාට අමතක වෙයි කියලා. "

ටෙරානුත් Fries කෑලලක් අරන් කටේ දාගත්තා.

" ඔයා ආස දෙයක් මන් එහෙම අමතක කරනවද බබා.. තව කොච්චර වැඩ තියෙනවද ?"

අභිරන් 🌹 | Sinhala BLHikayelerin yaşadığı yer. Şimdi keşfedin