chapter 03

84 6 2
                                    

"ටොක් ටොක්"

මං ආයෙම වොශ් දාගෙන ඇදට ඇවිත් ගයියාගෙන් ඉල්ලගත්තු නවල් එකක් කියව කියව ඉදියෙ.

"ටොක් ටොක්"

දොරට ගහන සද්දයක් ඇහෙද්දි මං පොත පැත්තකින් තියලා අතින් කොන්ඩේ හද හද ගිහින් දොර ඇරියා.

"දෙයියනේ සදරැස් පුතා..."

"අහ්...ආන්ටී..."

ආන්ටි මාව හග් කලා.

"පුතා කොහොමද ඉතිම්....දවල්ට කෑම කෑවා නේද? අනේ කොල්ලො මං දැන්නෙ ආවේ බලන්නකො ඉතිම් මගේ හොදම යාලුවා ශෙරීන්ගෙ පුතාට ඇක්සිඩන්ට් එකක් වෙලානෙ....මං දැන් තමයි ආවේ මෙච්චර වෙලා එහේ ඉදලා..."

ආන්ටිත් කට ඇරියම තනිකරම චංචලා නංගි වගේ. ඔහේ කියවගෙන යනවා. ගැම්මක් තමා ඉතිම් මගේ අනාගත නැන්දම්මා හුම්ම්.

"අනේ එහෙමද ආන්ටි... මං නම් ඉතිම් හොදින් ඉන්නවා... දවල් කෑම ටිකනම් ආයේ කියලා වැඩක් නෑ ආන්ටිගෙ කෑම තමා බෙස්ට්ම."

මං ආන්ටි එක්ක කතා කර කර පහල තට්ටුවට ආවා.

"මං නෙමෙ පුතෙ ඉව්වෙ...ඔය අපේ පොඩි කොල්ලා තමා"

අප්පට....අර පිස්සු හු#තාට උයන්නත් පුලුවන්ද

"ඒක නෙමෙයි ආන්ටි...ඔයානම් තවත් තරුන වෙලාද මන්දා.."

ම්ම්ම් දැවැන්ත හයේ පහරක්

"අයියෝ පුතා මොනා කියනවද මන්දා... ලොකූ..... ඔයා ගිහින් අයිස්ක්‍රීම් ලීටර 4 ක් අරන් එන්න අපේ සදත් ආව එකේ..."

සදරැස්, සද වුනා මරු මරු. #චංචලාමගේ

ගයියා බයික් එකේ යතුරත් අරන් මට අතත් වනාගෙන එලියට ගියා.
ඒ අස්සෙ පොඩි පගයා දොර රෙද්ද අස්සෙ හැංගිලා මායි ආන්ටියි දිහා බලන් හොරගල් අහුලනවා. ඒඑව්ව් කට වක්කඩ වගේ උනාට මොකද විග් එකක් දැම්මනම් සෝක් කෙලි පොඩ්ඩ.
ඌ දිහා බලන් ඉද්දි හිතින් කොන්ඩයක් මැව්නම මට ලාවට හිනාවක් ගියා.
අම්මො ඒ රැවිල්ල. මූ යකෝ. පු& රත්තරංද දන්නෑ ප&යාගෙ.

"ආනේ....මගේ චූටී බබා....කෝ එන්න මෙහාට"

මාත් එක්ක වාඩි වෙලා ආගිය තොරතුරු කියව කියව ඉදපු ආන්ටි එක පාට්ට මොකෙක්ද චූටි පැටියෙක්ට කතා කලාම අර දොර රෙද්ද අස්සෙ හැංගිලා ඉදපු රිලා පෝතකයා අත් දෙකත් දික් කරගෙන කටත් උල් කරන් දුවගෙන ඇවිත් ආන්ටිව බදාගත්තා.
ඒ සීන් එක දිහා මං බලන් හිටියේ  කටත් ඇරගෙන. තා ටිකෙන් මැස්සෙක් ආමාශ ගත වෙනෝ.

ඇනබෙල් (Yizhan) ONHOLDWhere stories live. Discover now