chapter 04

83 10 3
                                    

"ආහ් මෙන්න. මේක බොනවා..."

මගේ ඉස්සරහ හිටගෙන ඉදපු කොල්ලගෙ කටහඩේ දැනුන හුරුපුරුදු ගතිය නිසා මං හති අරිනඑක නවත්තලා ඔලුව උස්සලා බැලුවා.

"තමුසේ?"

"පොඩි එකෙක්ද ඕඊ පාක් අස්සෙ රිංගන්නෙ?"

"උබට ඒ මගුල් වලින් වැඩක් නෑනේ.... උදේම ක්ලාස් යන්න ආපු උබ මොකක්ද කරන්නෙ මේක අස්සෙ රිංගගෙන??"

මගේ අතේ තිබ්බ වතුර බෝතලේ උදුර ගත්ත ශෙහස්න කට තියාගෙනම බෝතලෙන් වතුර බොන ගමන් මගේ එහා පැත්තෙන් වාඩි උනා. ඌගේ ලාවට මෝරපු උගුරු දන්ඩ තාලෙකට උඩ පහල යද්දි මට ඉබේම වගේ ඒ දිහා බැලුනා. බෝතලේ පැත්තකින් තියලා ලොකු හුස්මක් හෙලපු ශෙහස්න මගේ මූන ඉස්සරහින් එයාගෙ අත එහෙට මෙහෙට යැව්වම තමා මට තේරුනේ මෙච්චර වෙලා මං එයාගෙ දිහා බලන් ඉදලා කියලා.

"ඕ හෝ...ඔහොම බලන්නෙපා ඉතිම්...මං දන්නො මං හැන්ඩ්සම් කියලා."

"හහ්...හැන්ඩ්සම් හහ්...තමුසෙ ඒ වචනේ තේරුමවත් දන්නවද ඕඊ... බලනවා මූනේ කිරි මයිලක්වත් නෑ....හුහ්...හැන්ඩ්සම්....රෙද්ද තමයි..."

"තමුසෙ මහ පිස්සු හු#තෙක් ඕඊ"

ඔව් ඇත්ත ශෙහම්නට හැන්ඩ්සම් කියන්න බෑ. එයාගෙ රූපේ ගැන විස්තර කරන්න බැරි තරම්. ඒකට ලස්සනක් කියලා කියන්නත් හිත දෙන්නෑ. මං දන්නෑ මට තේරෙන්නෑ. එයාගේ මුහුන  හරියට පරන ග්‍රීක කතාවල ඉන්න සියුමැලි ලද බොලද කාන්තාවකගෙ වගේ. ඒත් සමහර වෙලාවට එයාගෙ මුහුනේ  ඉරියව්, චලනවලින් ඉද හිට මතුවෙන පරිනත බවකුත් තිබුනා.
ශෙහස්නව දකින ඕනම කෙනෙක්ට තේරෙන්වා ඒ නම එයාට හොදටම ගැලපෙනවා කියලා. මොකද එයාට තිබුනේ තරු කැට වගේ නිලට හුරු දිලිසෙන ඇස් දෙකක්. මායාවකින් වගේ මට නොදැනිම මගේ දකුනු අත ගියේ එයාගෙ ඇහි පිහාටු දිහාවට.

"ම්ම්...මේ..මේ...මේ මොකද මේ...අත ගන්නවා අහකට....මෙතන මගුල් නටන්න තියාගත්තද එපාර??"

ශෙහස්න ,මගේ අත ගසලා දාපු පාර හරි සිහියට ආපු මම,

"මගුල් නටන්න හරි කෑල්ලනෙ උබ....බලපම් හැටි බඩ පිටේ ඇලිලා. කන්න දෙන්නැද්ද බම් උබට??."

ඇනබෙල් (Yizhan) ONHOLDWhere stories live. Discover now