CHAPTER 4 🌱

407 58 25
                                    

" සසින් එහෙනම් මම යනවා.. හසී මන් ගියා.. "

" නිසල් උබ හෙට එනවා නේද කැම්පස් "

" බලමු.. ශුවර් නෑ උබට මන් කියන්නම් රෑට.. හසී ඒනම් කාලා බීලා ඉදහන් ඈ.."

මම එන්න ආවා.. පපුවට ගහගෙන කදුලු හන්ගන් මන් ආවා..

එයාට තනියෙම ඉන්න ඕනි නිසා එපාට්මන්ට් එකේ ඉන්නවලු.. මම ඇහුවම එයා එක්ක ඉන්නද කියලා ඒකටත් මට කිව්වා තනියම ඉන්න ඕනි කියන්නේ ඒකටද කියලා.. මට හැමදාම වගේ එයාට විරුද්ධව එක වචනයක්වත් කියාගන්න බෑ.. මාව පණ පිටින් මරන්න එයා හැමදාම දන්නවා ඒත් එහෙම වෙලාවකටවත් මේ කරුම හිතේ මට එයා ගැන තියෙන ආදරේ චුට්ටක්වත් අඩු වෙන්නේ නෑ.. මට මේ දැනෙන වේදනාව මේ ලෝකේ කාටවත්ම දැනෙන්න නරකයි..

උදේ එයා මගෙ එහා පැත්තෙ ඉදන් ගියාට දැන් ගෙදර යද්දි ඒ ඉඩ හිස්.. ඒක මගේ හිතම හිස් කරන්න තරම් මට දැනුනේ ඇයි කියන්න මන් දන්නෙ නෑ.. මගේ ඔලුව පුපුරන්න තරම් කැක්කුම අල්ලද්දි මම වාහනේ නැවැත්තුවා.. මගේ ඇස් දෙක නිලන්කාර වෙලා වෙලා වටේම කැරකෙනවා වගේ දැනෙන්න ගද්දි මම ටග්ගලා ෆෝන් එක ගත්තා.. මට කලන්තයක් දැනෙද්දි මම ටග්ගලා කාර් එකේ දොර්වල් අන්ලොක් කරා...ෆෝන් එක අතට ගත්තේ සසින්‍ටහරි කෝල් එකක් දෙන්න..

ඒත්...

.

.

.

.

" නිසල්.. නිසල්.. ශෙහාන් මූට සිහිය ආවා "

මම හොස්පිට්ල් එකේ.. මම ඇස් දෙක අමාරුවෙන් ඇරල බලද්දි සසින් මගේ ලග..

" සසින්... මන් කොහොමද මෙතනට ආවෙ "

" නිසල්.. උබ සිරාවට දවස් කීයක් නොකා හිටියද ? උබ දවස් කීයක් නිදාගත්තේ නැද්ද ? එත්කොට උබ ඇගෙ උන තියාගෙනද මාව බලාගන්න කතා කරේ ආහ් ? "

" අඩෝ ශෙහාන් ඇති බන්.. උබ ඇයි මූට කෑගහන්නේ.. "

" ලබ්බ.. තොපිලා සේරම මැරිලා පලයන් එතකොට මටත් පුලුවන් නිදහසේ මැරෙන්න.. එකෙක් පන දෙන්නම් ගාලා හිතක් පපුවක් නැතුව මාව දාල ගියා අනික් එකත් නොකා නොබී මැරෙන්න යනවා.. සසින් උබත් මැරියන් මටත් වහ ටිකක් ගෙනත් දිලා.. "

My YOU ( Sinhala | BL | Complete  )Kde žijí příběhy. Začni objevovat