CHAPTER 5 🌱

350 50 15
                                    

" නිසල් !! උබ විහිලු කරන්න එපා හුත්තෝ "

" විහිලු නෙවෙයි සසින්.. උබ ඇහුවා නේද ආපස්සට කිසි දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරන්නේ කෝමද කියලා.. මට ආදරේවත් අමුතු සැලකිලිවත් ඕනි නෑ බන්.. ඒත් මගේ හසීට මාවත් වදයක් විදිහට දැනෙන එක මට දරාගන්න අමාරුයි බන්.. මන් ටික කාලෙකට මගේ හිත නිදහස් කරගන්න ඕනි බන්.. මේ විදිහට හිටියොත් මගේ පපුව පැලිලා මැරෙයි බන් ඒ තරම් වේදනයි මන් එයාට වදයක් වෙනවා කියලා දැනෙන ඒ හැඟීම.. "

" අනේ නිසල් මන් උබට හොඳ කොල්ලෙක් සෙට් කරලා දෙන්නම්.. අපි ඌව අමතක කරමුකෝ.. ඌව උබේ යාලුවා විදිහට තියාගෙන උබේ ආදරේ දීපන් උබට ආදරේ කරන කෙනෙක්ට "

" අපි බලමුකෝ සසින්.. මට උබලා වගේ ආදරේදී ට්‍රයි කරලා බලන ඒවා කරන්න බෑ බන්.. මන් තේරීමක් කරොත් මට ඒ තේරිමේ ඉන්න වෙනවා.. "

" ඒ කිව්වේ "

" මොකුත් නෑ.. කොහොම වුනත් මම මෙච්චරකල් ආදරේ කරේ එයාට සසින්.. ආදරේ මන් කියන කෙනාට ආවට ගියාට දැනෙන්නේ නෑ.. මට උබට හැමදේම කියන්න අමාරුයි හැබැයි මම අවංකවම හසීට ගොඩක් ආදරෙයි.. "

" මට තේරෙනව.. අපි කාලයට ඉඩ දීලා බලමු බන්.. දැන් උබව අද හවසට ඩිස්චාර්ජ් කරනවා නේද.. "

" ඔව් බන්.. හසීට වගේම බෙහෙත් දීලා වෙලාවට කන්න බොන්න කියලා කිව්වා.. මම හෙට ඉදන් එනවා කැම්පස්.. තව ටික දවසයිනෙ බන්.. ඊට පස්සේ එක්සෑම් එකටත් ලෑස්ති වෙන්න ඕනිනේ.. "

" ඔව් මේ සතිය මෙහෙම ශේප් එකේ ඉදලා අරූවත් අඩගහන් පාඩම් කරමු.. රිසර්ච් එකත් ඉවර නෑ තාම.. "

" අපෝ ආපහු ඔලුව රිදෙනවා.. ආහ් මේ මන් හසීගෙන් ටිකක් ඈත් වෙලා ඉන්නවා උබ පොඩ්ඩක් ඌව ශේප් එකේ ගනින් පාඩම් කරන්න එහෙම හරිද "

" එල එල.. එහෙනම් මම ගියා.. හවසට ගෙදර ගිහින් මැසේජ් එකක් දාපන්.. "

" ඕකේ..ආහ් හසී කාලද බිලද පොඩ්ඩක් බලලා කියපන් මට..ආහ් තව එකක් රට යන විස්තර හසීට දැන්ම කියන්න එපා.. මම වෙලාව ආවම කියන්නම්.. "

සසින් මාත් එක්ක කතා කරලා ගියා.. පව් සසින් ඌ හරි බයයි අපි තුන් දෙනා අතරේ ප්‍රශ්නයක් වෙයි කියලා.. 1 වසරේ ඉදන්ම හැමදාම එකම පන්තියේ එකම දහම් පාසලේ එකම ටියුශන් ක්ලාස් එකෙ අපි තුන් දෙනාම එකටමයි හිටියේ.. මම හසී එක්ක එකතු වෙලා සසින් වයි හැමදාම බයිට් එකට අල්ල ගත්තේ.. ඌ කෙල්ලෙක් එක්ක යාලුවෙන්න ගියත් මායි හසී උගෙ පස්සෙන් යනවා ඌට සපෝට් එකට.. බූට් එකක් කෑවත් තුන් දෙනාම බොනවා.. දවස් 365 ඒවා 18 අපි එකටම හිටියා කිසිම ඈත් වීමක් නැතුව.. එහෙම බැදිමක් තියෙන අපි ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ තැනකට පත් වුනේ..

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now