CHAPTER 6 🌱

450 59 21
                                    

" අම්බෝ ඇති යන්තම් දැන් නිදහස්.. "

" අඩෝ ඒත් දුකයි බන් දැන් ඉතින් අපි තුන් දෙනා ජොබ් හොයන් තුන් පැත්තකට යයි.. "

" පිස්සුද බන් අපි කෝමත් අප්පච්චිලගේ බිස්නස් වලට ජොයින් වෙයිනේ.. ඒ නැතත් අවුරුදු දෙක තුනක් එක්ස්පීරියන්ස් එකක් අරන් ඇවිත් දාමු අපේම බිස්නස් එකක්.. නැද්ද නිසල් "

" ආහ්.. හ්ම්ම්.. "

" නිසල් අසනීපෙන්ද.. මොකක්හරි ප්‍රශ්නයක් ද.. මම නෝට් කරා උබ එන්න එන්නම වෙනස් වෙනවා.. "

" නෑ හසී ස්ට්‍රෙස් වෙලා හිටියේ.. මේ ඒක නෙවෙයි හවස සෙට් වෙනවාද "

" මමනම් කැමති නෑ බන් ඕවට.. මල්කි නැති වෙලා මාස තුන ගෙවුනා විතරයි.. "

" මල්කි නැති වෙලා මාස තුනක්ම ගිහින් නිසයි කියන්නේ යමන් කියලා.. ඕයි නිසල් කියපන්කෝ.. "

" හසී යන්කෝ..ප්ලීස් බන්.. ස්ට්‍රෙස් බන් පහුගිය ටිකේ වැඩත් එක්ක.. "

" හරි හරි යමන්.. "

පහුගිය කරදර කාර මාස තුනට පස්සේ එක්සෑම්ස් රිසර්ච් ඔක්කොම ඉවර කරලා අන්තිමේදී අපි ඒ කරදරෙත් ඉවර කරා.. පහුගිය මාස තුනම හසී ගොඩක් දුරට පරණ හසී වෙලා වැඩ කරා.. ඉදලා හිටලා ඉමෝශනල් වෙලා මටත් බැනලා දැගලුවත් 90%ක්ම එයා හැමදේම කාලේ එක්ක අමතක කරන ගමන් හිටියේ.. සසිනුයි මායි වුනත් එයාව හිනා ගස්සලා පාඩම් වැඩ වලට අඩගහන් අපේ පරණ ජීවිත වලට එයාව එක්කන් ගියා..

අද බැජ් එකම එක්සෑම් ඉවර වීමේ ප්‍රීතියට සෙට් වෙනවා.. හසී අකමැති වුනත් අපි එයාව අඩගහන් යන්න ට්‍රයි කරේ එයත් දැන් විනෝද වෙන කිසිම දෙයක් කරන්නේ නැති නිසා.. එක්සෑම් ඉවර වෙලා එහෙන්මම හවස 6ට විතර අපේ සෙට් එකම ගියා අපි සෙට් වෙන පොට් එකට.. ඇත්තටම ඒක අපේම බැජ් එකේ කොල්ලෙක්ගේ ගෙයක්.. ඒක ඉතින් එක පැත්තකින් නීති විරෝධී ජාවාරම් කරන තැනක් වගේ.. කෙල්ලො එක්ක ආතල් ගන්න අයට ඒවයි බොන අයට ඒවයි සින්දු කියලා ෆන් ගන්න අයට ඒවයි ඕන දෙයක් තියෙන පොට් එකක්..

අපි තුන් දෙනත් සෙට් එකත් එක්කම ආවා.. හිතුවා වගේම බොන්න ගෙනල්ලා අම්බානෙකට.. අපිත් ඉතින් ග්ලාස් එකට දාගෙන වුනා..

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now