chapter 05

58 5 0
                                    

"ඔව් ඔව්...ඊයේ බබා ආවා බම්. මේ ඒක නෙමෙයි උබ ක්ලාස් ගියාද ඊයේ?"

"නෑ නෑ මං පස්සෙ කියන්නම් ඒක"

"හරි මලිතයා...මං උබට පස්සෙ ගන්නම් ඈහ්. අයියාව මතක් කලා කියපම්."

චී සදරැස්...කවදද උබ අනුන්ගෙ කෝල් වලට ඇහුන් කන් දෙක එක නවත්තන්නෙ? ඒත් ඉතිම් මං ඉන්නෙ මගේ කාමරේ බැල්කනියෙනෙ. ඌ මොකටද උගෙ කාමරෙ ඉදන් අච්චර හයියෙන් කෑගහන්නෙ...

අද තමයි මේ අවුරුද්දෙ පලවෙනි පෝය දවස. දුරුතු පෝය. පසලොස්වක පෝය දවසක අහස කියන්නෙම හිත නිවන අමුතුම මායාවක්. මතක ඇති කාලෙක ඉදන් මාත් ඒ මායාවට අධිමාත්‍රාවෙන් ඇබ්බැහි වුනේ වහලෙක් වගේ. කාමරේ බැල්කනි එකට ඇවිත් ඈත අහසෙ උනත් හුගක් ලගින් වගේ පේන පසලොස්වක හද දිහා මං බලාන උන්නෙ. කොහෙද ඉතින් ඒ අස්සෙ එහා කාමරේ ටකරමකට ගල් ගහන්න පටන් ගත්තානෙ. මගේ දැහැන බිදුනා.

ඊයේ උදේ වුන සිද්දියෙන් පස්සෙ තාමත් ශෙහ්ස්න මා එක්කලා එක වචනයක්වත් කතා කලේ නෑ. මාත් ඉතිම් ගනන් නොගෙන හිටියෙ ප්‍රශ්නේ දුරදිග ගිහින් ගයියා ඒම දැනගත්තොත් ඌගෙ මල්ලිව බලෙන් කිස් කලා කියලා මට නරක නාමයක් එන නිසා. මාව දකිද්දි ගනන් නොගෙන හිටියට මොකද ශෙහස්න අනිත් අයත් එක්කනම් හුගක් සාමාන්‍ය විදියට හැසිරුනේ.
මොනවා වුනත් දැන් දැන් ඒ සිද්දිය මගේ හිතට මහ වරදකාරි හැගීමක් ගේන්නෙ. මොකද එදා ශෙහස්න නොහිටියානම් අර කොල්ලකාරයො නිසා මගේ ජීවිතේට මොකක් හරි අනතුරක් වෙන්න තිබ්බා. එහෙම වුනානම් තාමත් මං හොස්පිට්ල් එකක ඇදක් උඩ.

උබ මහා මෝඩයෙක් සදරැස්.

"ටොක් ටොක්"

කල්පනා ලෝකෙක අතරමං වෙලා ඉන්දෙද්දි, කවුරු හරි කාමරේ දොරට තට්ටු කරන සද්දෙට මං ගිහින් දොර ඇරියා.

"සදරැස්....මේ...මේ..."

"කියන්න ශෙහ්ස්න."

පුදුමෙනුත් පුදුමයි. මං හිතුවේ නෑ ජීවිතේට ආයේ මේ පොඩි එකා මාත් එක්ක වචනයක් කතා කරයි කියලා. කොල්ලා කකුලෙ මහපටගිල්ලකින් ටයිල් එක පහුරු ගගා වචන ගලපන විදිය දැක්කම මට පව් කියලත් හිතුනා.

ඇනබෙල් (Yizhan) ONHOLDМесто, где живут истории. Откройте их для себя