**********
" නෙලුම් අර දරුවා අඩනවා තමුසෙට ඇහෙන්නැද්ද? "
" මට නෙලුම් කියන්නෙපා.. "
" මං ඇහුවෙ පොඩි එකා අඩනවා තමුසෙට ඇහෙන්නැද්ද කියලා. "
" ඇහෙනවා. "
" ඌ බඩගිනි වෙලා අඩන්නෙ. දරුවා අරන් කිරි ඩිංගක් දෙනවා මොකද්ද ඔච්චරම තියෙන නපුරුකම?! "
" පිටි කිරි හදලා දෙන්න. "
" නෙලුම්- "
" මට නෙලුම් කියන්නෙපා බල්ලො! "
" ඇත්තමයි මට- උස්සල ගැහුවැකි- " අසිපත් දත් කාගෙන ගොස් බිම කලාකයක් මත සිටි කිරි දරුවා වඩාගෙන ඇදෙන් ගෙනත් තැබුවේය.
" දීහං මුට කිරි ටිකක්.. "
" පිටි කිරි හදල දීහං බං.. මාවම කන්න හදන්නෙ.. "
" මොකද්ද උබ කිව්වෙ..? "
" තෝ මට කතා කරන විදියටම තමා අද ඉදන් මාත් තොට කතා කරන්නෙ. "
" කට කඩාගන්න තමා.. මං උබෙ මිනිහා වෙන්න කලින් උබෙ අයියා වුණේ.. එදත් අදත් හෙටත් ඒක එහෙමම තමයි. නටන්න ලෑස්ති වෙන්නෙපා නෙලුම් මං එක්ක. "
" අයියා මල්ලිට එහෙම හුකන්නෑනෙ.. එක්කො අයියා මළෝකං තියාගමු නැත්තං තෝ මගෙ මිනිහා වෙයං. දෙකෙන් එකයි.. දෙකම එකට සෙට් නෑ නෙ. "
" නෙලුම් මං උබේ කන පලනවා හොදේ.. "
" එක පාරක් පැලුවෙ.. තව ගැහුවත් කමන්නෑ හැබැයි මැරෙන්නම ගහන්න.. "
" චූටි... " මුරණ්ඩුකමට රවාගත් දෙනයන රතු වී බොඳව යන්නට උවමනා එක ආදරණීය ආමන්ත්‍රණයක් පමණකි.. නෙලුම් තොල හපාගෙන දරුවා තුරුල් කරගෙන අසිපත් කෙරෙන් ඉවතට හැරුණි.
" මං මැරිල ගියානං මේ දුකක් නෑ නෙ... මට කියන්න කෙනෙකුත් නෑ.. එලොව ගිහින් මෙලොව ආව එකෙක් නේද කියල හිතන්න, පොඩිම අනුකම්පාවක් දෙන්නවත් එකෙක් මගෙ ජීවිතේ නෑ පුතේ.. තාත්තියි ඔයයි මේ ලෝකෙන් යමු.. කවුරුත් අපිට නෑ. ඔයා ඒක මතක තියාගන්න.. "
YOU ARE READING
සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )
Science Fictionමේක චැලේන්ජ් එකක්... ඉවසීමක් තියෙන කෙනෙකුට විතරක් ම රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා මම.. ඉවසීමක් නැත්තම් අත නොතියන තරමට හොද පොතක් 🤍 Science fiction / Romance ************* " .............. ඉතින් සත්තුන්ගෙ පඩි හැලෙන එකට මං මක්කරන්නද? " " උ...