පිවිසුම ❤️🤍

863 152 191
                                    

"මහත්තයා...මල්....ලස්සනට හදලා තියෙනවා මහත්තයා.......එන්න ගන්න......රුපියල් දෙසිය තිහට දෙනවා නෙළුම් මල් පහම....වෙන තැන් වල දෙසිය පනහයි.මගෙ ලග දෙසීය තිහයි..... නෝනා.... මහත්තයා.... එන්න.... මේ මල් ගන්න...මේ මල් පොකුර රුපියල් හාරසීයයි මහත්තයා...එන්න...ලස්සන මල් තියේ"

නුවර අහසෙ පෑයුව ඉර අද හරියට රළු වෙලා තියෙද්දි නුවර පිහගෙන හමන් ගිය හුලගත් ටිකක් රස්නෙ එකක් උනා.අදත් ඔහුමයි.නුවර දලදා මාලිගාවට සෑහෙන්න දුරකට මෙහාට වෙන්න ලීයෙන් අටවගත්තු පුංචි මල් කඩේ ඉස්සරහට වෙලා කෑ ගහන පුංචි එකා පාරෙ යන වාහන දිහා බලන් හිටියෙ ඇසුත් බෝල කරං.තමන්ගෙන් මල් ගන්නවට වඩා,දලදා මාලිගාව ලගම තියෙන මල් කඩවලින් කට්ටිය මල් ගන්න තියෙන සම්භාවිතාවෙ වැඩි බව දැන දැනත් ඊට සෑහෙන්න මෙහා උන්නු පුංචි එකා තමන්ගෙ සටන අතෑරියෙම නෑ.නෙළුම් මල්,ඕලු මල්,සමන් පිච්ච මල්,ගැටපිච්ච මල්,බාබන්ඩේසියා මල්,වල් සූරියකාන්‍ත මල්,රෝස මල්,ජේබරාස් මල් වගේ මල් ජාති ගොඩකින් ගහනය වෙලා තිබ්බ පුංචි මල් කඩේ ඉස්සරහ උන්නු පුංචි එකාත් මලක් තරම් සුන්දර උනා.

උදේ ඉදන්ම ජේබරාස් මල් වගේම බාබන්ඩේසියා මල් වලින් හදාගත්තු මල් පොකුරක් අතේ තියාන ඒක පාරෙ යන වාහන,මිනිස්සුන්ට පේන්න වන වන කෑ ගහන පුංචි කොල්ලව දකින සමහර මිනිස්සු මාලිගාවට සැලකිය යුතු ප්‍රමාණයක් මෙහායින් තියෙන මේ පුංචි මල් කඩේ ලගින් තමන්ගෙ වාහන නැවැත්තුවා.පුංචි එකා හරි ආසාවෙන් පුප්පවලා දෙන බුදු පුදට සුදුසු මල් වගේම,අලංකාරෙට තියාගන්න පුළුවන් විසිතුරු මල් පොකුරු පවා ඒ මිනිස්සු මිලදීගන්න අමතක කලේ නැහැ.

නුවර අහස වගේම හුගක් ආදරවන්තයන්ගෙ කෝඩුකාරකම් ගැන මුල්ම සාක්කි කාරයා විදියටත් මේ පුංචි කොල්ලා හරියට කටයුතු කලා.මොකද පුංචි එකා ලග විකුණන්න තියෙන ලස්සන ලස්සන විසිතුරු මල් පොකුරු දිහා නොබලා යන්න තරම් හුගක් ආදරවන්තයන්ගෙ හිත් දරදඩු උනේ නෑ.මේ පුංචි මල් කඩේ පහු කරං යන හුගාක් ආදරවන්තයන්ගෙ අත් වල පුංචි එකාගෙන් ගත්තු එක මලක් හරි නොරැදුනේ හරි අහම්බෙන්.

තඹ(රු)හිරු Where stories live. Discover now