A/N - 🔴🚫මෙය වනාහි මා විසින්ම නිර්මාණය කරන ලද හුදු අතථ්‍ය පුරාවෘත්තයක් පමණක් වන අතර, මෙහි සඳහන් වන සියලුම සිදුවීම්, නම්, ගම් සියල්ලම මනඃකල්පිත වන බවත්, මෙහි ඇතුළත් කිසිදු දෙයක් අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් බවත් කරුණාවෙන් සළකන්න.🚫🔴
•
•
•
•
•
•
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
අග්නියෙන් සිඳ බිඳ දැමිය නොහැකි......
සිහසුනේ ධීර කන්‍යාව.....
මා ආදරණීය අද්වාරා....
ඉඳින්....
නුඹ මා සමඟ අමනාප නොවන්නේ නම්...
මා නුඹට යමක් පවසන්නද...?මා එදා නුඹ ඉදිරිපිට,
නුඹේ රාජකීය අසිපත මත....
රුධිරයට රුධිරයෙන්...
වංශ ප්‍රතිඥාව තැබූ අයුරු
නුඹට මතක ඇති.....නමුත්... අද්වාරා
නුඹ කවදාකවත්ම දැනගෙන උන්නේ නැහැ,එය මා විසින් නුඹ වෙනුවෙන්ම තැබු
මාගේ ආත්මීය අභිෂේකය වූ බව.....••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
සිව් වසරකට පෙර........
වර්ෂ 236ක් වූ එදවස, නැගෙනහිර මොස්තානාග් දේශයට සුවිශේෂී වූ දිනයක් විය. ඒ,එම රාජ්‍යයේ සිහසුන දැරූ සිව්වන කලිධර් රජතුමාගේත්, ඔහුගේ අගමෙහෙසිය වූ ගිධූර්ගා රැජිනගෙත් එකම දූ කුමරිය වූ, දොළොස් වියැති අද්වාරා කුමරියගේ ප්‍රථම රාජ්‍ය විමංසන ගමන එදිනට යෙදී තිබුණ නිසාවෙනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාමත් රූමත් හා බුද්ධිමත් වූ අද්වාරා කුමරිය අග්නි දේශයට විරුද්ධව, මොස්තානාග් දේශයේ මතු සිහිසුන දැරීමට සිටින,කිරුළ හිමි කුමරිය විය.
YOU ARE READING
🔥⚔️අග්නි අද්වාරා⚔️🔥|| Historical GL || [Ongoing]
Historical Fiction🚫𝗗𝗼 𝗻𝗼𝘁 𝗰𝗼𝗽𝘆 𝗺𝘆 𝘄𝗼𝗿𝗸🚫 ©𝗔𝗹𝗹 𝗿𝗶𝗴𝗵𝘁𝘀 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 අග්නියෙන් සිඳ බිඳ දැමිය නොහැකි අද්වාරාවක, ධීර අභිෂේකය වන්නට ඇයට හැකි වේදෝ... •Sinhala GL • Non - fiction • Historical Love Story