CHAPTER 17 🌱

392 49 26
                                    

" එහෙම තමා හසිත් කරන්න ඕනි.. ඒත් නිසල්ගේ තව දුරටත් වීක්ම ඕර්ගන් එකක් කියලා එකක් නෑ.. ඒ දෙකම සමාන මට්ටමට ඇවිත්.. "

" මොකක් !? "

" ඔව් හසිත්.. නිසල් දැන් ස්පෙෂල් මෙඩිකල් කේස් එකක්.. නිසල් මීට අවුරුදු 3කට කලින් ගොඩක් rare child birth එකක් කරා.. ඒක මේ syndrome එක තියෙන කෙනෙක්ගෙන් කීයටවත් බලාපොරොත්තු නොවුන දෙයක්.. ඊටත් වඩා බලාපොරොත්තු වෙන්නා බැරි විදිහට නිසල්ගේ ෆීමේල් ඔර්ගන්ස් වීක් විදිහට තිබ්බෙ.. හැබැයි මොකක් හරි විශ්මයකට එයා හරිම healthy විදිහට දරුවව බිහි කරා.. එහෙම කරේ 30%ක චාන්ස් එකකින්.. හැබැයි දැන් අවුරුදු 3ක් වෙද්දි එයාගේ ඕර්ගන්ස් දෙකම 80%න් උඩ තියෙනවා..ඒක ඇත්තටම අපිටත් හිතාගන්න බැරි දෙයක්.. කෙටියෙන් කිව්වොත් නිසල්ගේ ඕගර්න්ස් දෙකම සෑහෙන්න හොද මට්ටමේ තියෙනවා.. "

" ඩොක්ටර් දැන් එතකොට සර්ජරි එක ? "

" ඒක තමා ගැටළුව.. අපි ඩොක්ටර්ස්ල විදිහට සෑහෙන්න නිසල්ගේ කන්ඩිශන් එක පරීක්ෂණ කරා.. හැබැයි අපිට දැන් කලින් කිව්වා වගේ කියන්න බෑ නිසල්ට සර්ජරි එකක් කරන්න කියලා.. කලින් ඕර්ගන් එකක් දුර්වල නිසා කරන්න කිව්වත් මේ වෙද්දි අවුරුදු 3ට හෝමෝන ක්‍රියාකාරිත්වය එක්ක ඒකත් හොද මට්ටමට ඇවිත්.. ඉතින් මේ තත්වෙ එක්ක අපිට තීරනේ කරන්න බෑ මේක අයින් කරන්න ඕනි මේක තියාගන්න ඕනි කියලා.. මොකද අපි දන්නේ නෑ ඉස්සරහට මොන තත්වයක් වෙයිද කියලා.. ඒ නිසා සර්ජරි එකක් කරන්න ඕනි කියන තැන අපිට ඉන්න බෑ දැන්.. "

" එතකොට ඩොක්ටර් කියන්නේ නිසල්ට සර්ජරි එකක් කරන්න ඉස්සර වෙන්න එපා කියලාද "

" ඔව්.. අපිට තව කාලයක් නිසල්ව පරීක්ෂණ කරලා තත්වය බලන්න ඕනි.. "

" එතකොට ඩොක්ටර් කලින් කිව්වනේ මම මෙහෙම ඕගර්න්ස් දෙකම තියන් හිටියම මට ඒක ජීවිත තර්ජනයක් කියලා..කැන්සර් එකකට වුනත් එන්න පුලුවන් කිව්වනේ.. දැන් සර්ජරි එකක් නොකර මම හිටියොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද "

" ඔව් නිසල් ඔන්න ඔතන තමා අපිත් කතා වුන තැන.. සාමාන්‍යයෙන් ඔයා වගේ කට්ටියගේ උපතෙ ඉදන්ම එක ඕර්ගන් එකක් වීක්.. එතකොට එහෙම කෙනෙක් කරන්නේ හරි කාලෙ ආවම සර්ජරි එකක් කරන එක.. ඔයා වගේ child birth එකකට ගියපු කෙනෙක් මේ වෙනකන් මට මුන ගැහිලා නෑ.. මොකද ඔය සංකූලතාවෙන් කලලයක් හැදෙන්න තියෙන්නෙත් චූටිම චූටි සම්භාවිතාවයක්.. එහෙම වෙද්දි ඔයා ඒ චූටිම සම්භාවිතාවයෙන් කලලය වර්ධනය කරලා නීරෝගී දරු උපතකුත් කරලා දැන් ඔයාගේ වීක්ම ඕර්ගන් එකත් සෑහෙන්න පොසිටිව් කරන්.. එතකොට ඔයාට තේරෙනවා නේද ඔයා නිකන් හාස්කමක් කරලා වගේ.. ඉතින් අපිට ඔයාට දැන්ම කියන්න බෑ සර්ජරි එකක් කරන්න කියලා.. මොකද ඔයා ෆීමේල් ඔර්ගන් එක අයින් කරලා අන්තිමේදි පස්සේ කාලෙක ඔයාගේ මේල් ඕගර්න් එක වීක් වුනොත් ඒකෙන් වෙන්නේ ඔයාට දෙකම නැති වෙන එක.. ඒක ඔයාට ලොකු බලපෑමක්.. ඒවගේමයි ඕර්ගන්ස් දෙකම healthy නිසා දැනට ඔයාට කැන්සර් එකක අවදානමත් නෑ.. අන්න ඒ නිසයි අපි කිව්වේ අපි මේ ඉන්න විදිහට ඉදලා ඉස්සරහට බලමු කියලා.. "

My YOU ( Sinhala | BL | Complete  )Where stories live. Discover now