- 64 -

304 44 24
                                    

**********

" එයා කන්ඩිශන' එකේ කිසි අවුලක් නෑ. දූවිලි පොඩ්ඩක් බැදිල තිබ්බ ඔන්න මං ඒකත් සුද්ද කරා. " වරුන් ස්ටූලය මතින් බිමට බසින අතර නෙලුම්ගේ මුහුණ දෙස බැලුවේය. අමාවක සේ අඳුරු වේදනාබරකමක් ඉසිලුවද නෙලුම්ගේ ඇස් ඔහුගේ දෙපා අඩපන කළේය.

වෛද්‍යවරයා හා ගැටීමට ඔහු තුල වූ බිය තව මදක් වැඩි වූයේ එබැවිනි. මිහිමත අංගසම්පූර්ණ පිරිමි ශරීරයක් දෑතින් නිමවූ ඔහුට නොකල හැක්කක් ඇද්ද?

ද්‍රෝහීන්ට අත් වූ ඉරණම ගැන මතකයන් ඔහු හද පත්ලේම තැන්පත්ඇත්තේය. විටෙක ඔහු දකින අදුරු සිහිනයන්ගේදදර්ශනයන් නැවත නැවතත් ඇදී ඔහු ගත දහදියෙන් නෑව්වේය.

නැත. එකවර මියයාමක් අත් වන බව තහවුරු නම් ඔහු මේ දැනුත් ලාබාල යෞවනයා ඇදේ පෙරලාගන්නා බව සහතික ය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin