[සිව් වසරකට පසු වර්තමාන මොස්තානාග් දේශය - වර්ෂ 240 ]
ඒ,තත්කාලීන සුවිසල් මොස්තානාග් දේශය,වසත් සෘතුව නිසා ශෝභමානව දිස් වූ දිනයක් විය. රාජධානිය පුරාම විකසිත වූ ලෝහිත වර්ණැති අද්වාරා කුසුම් නිසා වර්තික වූ රක්ත වර්ණය, රාජධානියට ගෙන දුන්නේ පෙර නොවු විරූ උද්ධත බවකි. ඇරත්, දශකන්‍යා භූමිය නිජබිම කරගත්, කවර ආකාරයකින් වත් අග්නියෙන් විනාශ කළ නොහැකි වූ ඒ අද්වාරා කුසුම්,මොස්තානාග් දේශයේ නොමැකෙන අභිමානනීය රාජ්‍ය සංකේතය බව, සියලු දේශාන්තර වල පෞර වැසියන් හොද හැටි දන්නා කරුණක් විය.
"ලෝහීර් දෙවියන්ටම ඔප්පුවෙච්චාවේ !!!"
එතෙකුදු රාජකීය උද්‍යානයේ සිටි සියොතුන්ට, ප්‍රාතර් පිණ්ඩය රැඟෙන යමින් හුන් ප්‍රධාන සේවිකාව, හදිසියේම එලෙසින් මොර දුන්නේ සිය දෝතින්ම හිස බඳා ගනිමිනි.ඒ, රාජකීය උද්‍යානය කෙළවර වූ 'හසාවින්න' වෘක්ෂය මුදුනේ නැඟ ගෙන සිටි අද්වාරා කුමරියව අහම්බෙන් දැකීමෙනි. ඒ වන විටත් සොළොස්වැනි වියට පා තබා සිටි අද්වාරා කුමරිය, දුටුවන්ගේ සිත එකවර මෝහය කිරීමට තරම් බලසම්පන්න මනෝහර රුවකට හිමිකම් කීවාය.
"අද්වාරා කුමරියනි...අනේ දෙවියන්ගේ නාමෙට කරුණාකර බසින්න බිමට....ඊටත් ගිධූර්ගා රැජිනය ඔබතුමියව මෙලෙස සිටිනු දුටුවහොත් මටත් විසුමක් වෙන්නේ නැහැ..."
ප්‍රධාන සේවිකාව කලබලයෙන් යුතුව පැවසුවේ තව දුරටත් අවිනිශ්චිත වූ හැඟීමෙන් අවට බලමිනි.
එහෙත් හසාවින්න වෘක්ෂ මස්තකයෙහි උපශාන්ත ලීලාවෙන් රැදී හුන් අද්වාරා කුමරිය, වෘක්ෂය පාමුල සිට කළබලයෙන් යුතුව තෙපලන සිය ප්‍රධාන සේවිකාව දෙස බලා නෝක්කාඩු බැල්මක් හෙලුවාය.
YOU ARE READING
🔥⚔️අග්නි අද්වාරා⚔️🔥|| Historical GL || [Ongoing]
Historical Fiction🚫𝗗𝗼 𝗻𝗼𝘁 𝗰𝗼𝗽𝘆 𝗺𝘆 𝘄𝗼𝗿𝗸🚫 ©𝗔𝗹𝗹 𝗿𝗶𝗴𝗵𝘁𝘀 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 අග්නියෙන් සිඳ බිඳ දැමිය නොහැකි අද්වාරාවක, ධීර අභිෂේකය වන්නට ඇයට හැකි වේදෝ... •Sinhala GL • Non - fiction • Historical Love Story