👑️⚔️ හයවන පරිච්ඡේදය ⚔️👑️

283 59 16
                                    

සකල මොස්තානාග් රාජධානියම මොහොතකට තුන්මුණින්ම සලිත කරමින්, පූර්වාහ්න සත්ත හෝරාව උදා වූ බවට ආවේදනය කරමින්, රාජකීය දුර්ගය තුළින් අනුනාදී ඝණ්ටාර හඬක් ඇදී ආවේ සියොතුන් පවා දස අත පලවා හරිමින් ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සකල මොස්තානාග් රාජධානියම මොහොතකට තුන්මුණින්ම සලිත කරමින්, පූර්වාහ්න සත්ත හෝරාව උදා වූ බවට ආවේදනය කරමින්, රාජකීය දුර්ගය තුළින් අනුනාදී ඝණ්ටාර හඬක් ඇදී ආවේ සියොතුන් පවා දස අත පලවා හරිමින් ය.

එතෙකුදු වුවද, සිරි යහනේ නිවාත ව සැතපී හුන් අද්වාරා කුමරිය දෙස,එතෙක් මැසිවිල්ලෙන් යුතුව බලාගෙන හුන් ගිධූර්ගා රැජිනය, වහාම ගොස්, සයනය කෙළවර වූ සඳැල්ලේ දුහුල් හේම කඩතුරාව අනුශාස්තියෙන් තොරවම හැර දැම්මා ය. එනයින්, සිරි යහන් ගැබ තුළට අනුප්‍රාප්ත වූ, මිහිලොල් සහස‍්‍ර කිරණෙන්, මඳක් උරණ වූ අද්වාරා කුමරිය අනතුරුව, ස්වකීය ඇතිරිල්ලද සමඟින් අනෙක් පසට හැරී සිය දෙනෙත් පියා ගත්තා ය.

"කදිමයි රාජ කුමාරිකාවක් ක්‍රියා කරන ආකාරය නම්.....! දැන් අලුමුසුව නිමා වෙලත් අඬහෝරාවක් ගොසින්...! එහෙත් කුමරිය තවමත් කුම්භකර්ණයෙකු සේ මෙහි සැතපී සිටිනවා....! සැබවින්ම නුඹ රාජකීයෙකුට ඔබින ලෙසකින්ද මේ අයුරින් හැසිරෙන්නේ අද්වාරා.....?"

ගිධූර්ගා රැජිනය එලෙසින් මැසිවිලි නැඟුවේ, ඊලඟ ඇසිල්ලේදී නොමනාපයෙන් යුතුව අද්වාරා කුමරියගේ කර්පාස ඇතිරිල්ල පසකට අදිමින් ය.

"ඉඳින් මව් රැජිනිය පිටව යන්නකෝ.........., මා තව මොහොතකින් එන්නම්....."

නොඅමනාපයෙන් යුතුව ඊට ස්වකීය දෙපා ගසමින්, සරොස් වූ හඬින් පැවසූ අද්වාරා කුමරිය, තවදුරටත් පහ නොවූ තන්ද්‍රාවෙන් යුතුව සිහින් හඬින් මිමිණුවා ය.

"හොදයි ! එසේනම්.... තව හෝරාවක් ඇතුළත නුඹ රාජකීය මණ්ඩපයේ සිටිය යුතුයි අද්වාරා....!"

අවසාන වශයෙන් එලෙසින් පැවසූ ගිධූර්ගා රැජිනිය, අනතුරුව තමන් විසින් රැඟෙන ආ පුෂ්ප මඤ්ජරිය කුමරියගේ සයනය පසක තබමින් මඳ සිනා රැඳි මුවෙන් යුතුව පිටව ගියා ය.

🔥⚔️අග්නි අද්වාරා⚔️🔥|| Historical GL || [Ongoing]Where stories live. Discover now