- 73 -

205 40 15
                                    



🌼🌼🌼🌼🌼🌼







             " මට සමාවෙයං කොල්ලො... "



         සිහියත් අවසිහියත් අතර දෝලනය වන බවට දැනුණු ලාබාල කොලුවා තණබිස්ස මත දිගා කළ වරුන් ගෙලෙහි ඇති අම්මාගේ මාලය අත් අතර රඳවාගත්තේ ය. වැඩි වේලාවක් වැය නොකර වෛද්‍යවරයා ඇතුලු දාමරික පිරිස මෙහි රැස්වන බව ඔහු දැන සිටියේය.

          මාලයේ පෙන්ඩනය තුල වූ කැප්සූලය ගෙන දෙවරක් නොසිතා කටට විසි කරගත් ඔහු කෙළ සමඟ එය ගිල්ලේ ය..


        අකුණු අහස් තලය සිසාරා පැතිර යමින් මහ ධාරානිපාතයකට පාවඩ එලුවේ ය. ලාබාල කොලුවාගේ රුව මගැර ඉවත බලාගන්නට තැත් කළමාරයා සිය අපරාධය වෙත ඔහු බලහත්කාරයෙන් හැරවූවාක් මෙන් ඔහුගේ හිසපසටම හැරී බිම පතිත විය.

       ශරීරය ගින්නක දැවෙන්නාක් මෙන් වේදනා දෙන්නට විය. කොලුවාගේ වේදනාබර දෑස් ද.. රුධිරය තැවරි අත්ලඑක මානයේ දිස්න දෙන්නට දසත ඒකාලෝක කළ අකුනුසරක් රැය දහවල තරමට ආලෝක කළේය.

           අම්මාගේ කණගාටුබර දෑස් ඇස් අද්දර මැවුණේ ය. කම්මුල් දිගේ වෑස්සුනු කදුලු තණ පත් අතර සැගව ගියේය. ඔහු දෑස් පියාගත්තේ ය.

සියපතක රොන්සුණු ( Completed | BL | Non FF | Sci-Fi )Where stories live. Discover now