"මේ කලාබර පාලමට යටින් ගලන් යන වතුර පාර මොකද්ද කියලා දන්නවද මගේ අහිංස" වතුර පාර මතට වැටිලා තිබ්බ ආදිත්‍යගේ කෝපි පාට ඇස් එක මොහොතකට අහිංස දිහා බැලුවා.ඒ ඇස් වෙනදා තරම් දිස්නේ දුන්නේ නෑ...වෙනදා තිබ්බ ඒ මුරණ්ඩු කම,සෙල්ලක්කාර බව ඒ ඇස් වල තවත් තිබ්බෙත් නෑ....එතන තිබ්බේ හිස්තැනක්....නිකන්ම නිකන් හිස්තැනක්,අහිංසගේ හිත ඒ වෙන කොටත් මහ හඩින් කෑ ගහන්න පටන් අරන් ඉවරයි. "සරසවි කදුල....ආදරේ කරත් අවාසනාවන්ත විදියට වෙන් වෙන මිනිස්සුන්ගේ කදුලු වලින් පණ ගහපු වතුර පාර..."