"නෑ.. මං.. මං-" "ඔව් උඹ.. උඹ මොකක්ද? පොට්ටයා... ඇස් දෙකම පේන්නැති තෝ කවුද යකෝ ක්රිෂ්ණන් මහත්තයට විරුද්ධව සාක්කි දෙන්න!!! ආ බල්ලො.." "අ..අනේ සර්.. ග-ගහ..ගහන්නෙපා සර්.. වඳින්නම්..." මගේ දෑත් එකට එකතු වුනේ නොදැනුවත්වම. "නැගිටපිය" හැඩි දැඩි අතකින් බිම වැටුන මාව නැවත ඔසවා පුටුවේ හිඳුවනු මට දැනුනා.