මං ඇස් පියා ගත්තා............ මං දන්නවා එ අත්වලින් වැදේන පාරක තරම...... විනාඩියක් නෑ දෙකක් තාමත් එ උස්සපු අත මට වැදුනේ නෑ ........ මං හිමින් ඇස් ඇරියා ....... යථාර්ථයට මුහුණ දෙන්න බයයි එත් ......එත් ......... ඒ අත ඒ හා සමානම ශක්තිමත් අතකට ඒ අත පැටලිලා ....... එක වගේ රූප දෙකක් මගේ ඉස්සරහාම ........ එත් එයා අපේ පුතා දිහා ,පුදුමයෙන් බලන් ඉන්නවා .... හරියට මේක ඇත්තක්ද මට අදහාගන්න බෑ කියන්න වගේ ........ එ ඇස් මන් දිහා බැලුවා එයාව නවත්වපු රූපේ දිහා බලන් හිටපු ඇස් ඊළඟට නැවතුනේ මං ගාවින් ....... එ ඇස් නැවතුනේ මං ගාව............. එ ඇස් මගේන් අහනවා මේ අපේ දරුවාද.......... මේ වැසි නොමැති කතරකට පැමිණි ආගන්තුකයයෙකුගේ කාතාවයි .........