"අමතක වෙන එක සාධාරණයි නේද" "මොකද්ද" "අපිත් ආදරවන්තයෝ කියලා..." උඩු අතට හැරිලා හිටිය රාහුල් ගෙ මූණ රුධිර් පැත්තට හැරෙනවත් එක්ක රුධිර් රාහුල්ට අහිංසක හිනාවක් දුන්නා.. එකට බැඳගෙන හිටිය දිග ඇඟිලි අතත් එයා ගාවට අරගෙන හීන් සීරුවේ පිට අල්ලෙන් හාදුවක් තිබ්බමත් රුධිර් මොකුත් නොකියා හිටියා.. "උණුහුම වෙලාවට උණුහුම දෙන්නයි සීතල වෙලාවට සීතල දෙන්නයි හැමවෙලාවෙම ආදරේ දෙන්නයි වැඩ වැඩි නැද්ද... මට ඒක දැනෙනවා.. පොඩ්ඩක් ඇස් මගෑරුනාම වේගෙන් කැරකිලා මං ඉන්න තැන හොයාගන්න පොඩ්ඩක් ගැස්සුනාම අතක් ඉස්සිලා මාව බැලන්ස් කරනකොට.. මෙහෙමයි නේ කෙලින් බලන්නම ඕනෙ නෑ දේවල් පේන්න " වේදනාකාරි ශරීරයෙන් මුදවාගත්, සැරිසරන්නාට හිමි වූ ආත්මට හිටිහැටියෙ දරුණු වෙන අවස්ථාවල් නැතුවාම නෙවෙයි..සැරිසරන්නාම දරුණු වෙන වෙලාවල් තියෙනවා... ඒත් , "නවතින ලෝකේට නොනවතින ආදරය දෙන්න ඕනේ.. ආ නැද්ද මං කියන්නේ.. චඃ හි