_ _ _ _ _ _ _ _ _ _ _ _ _ Start : 2024 / 04 / 24 End : ?/?/? මුහුදත් විටෙක නිසසල ව ගොලු වෙන්නෙ කියන්න ඕනම දෙයක් කියාගන්න බැරි උනාම... ඒ අතින් ගොලු මුහුද හරි අසරණයි. අහස මුහුදත් එක්ක පෙමින් බැදිලා සමහරු ක්ෂිතිජය දිහා බලාගෙන කිව්වත්... මුහුදයි අහසයි පිහිටියෙ ගොඩක් දුර ඈතින්... මුහුදටත් අහස ගැන ලෝබ හිතුනෙ කිරි පාටට හද දිලිසිලා වටේට තරු පිරිලා තියෙද්දි. හද අල්ලන්නට මුහුදු රැල්ල උඩට ඉස්සුවත් ඒක කවදාවත් කරන්න බෑ කියලා දැන ගත්ත මුහුද හද එලියෙන් වැටෙන කිරි පාට වින්දා... ඒකයි හද ඇතිදා මුහුද කිරි පාටට සන්සුන්ව හිටියෙ...අමාවකේ ප්රචන්ඩ වෙලා සුනාමි ගැලුවෙත් හද නැති දා නිසා...