Chapter 02 - මින් යුන්ගි

50 12 1
                                    

සොක්ජින්ට ගෙදර යන්න උවමනා උනත් බොහෝ වේලාවක් බලා සිටීමෙන් අනතුරුව මුදල් කවුලුව අසල වූ අසුනේම නිදාගන්නට තීරණය කලේ මොහු කවුරුන් වුවත් කම් නැතැයි සිතමිනි. සදාචාරසම්පන්නවීම කෙසේ වුවත් සාමකාමි නින්දක සිටින ආගන්තුකයා තනිකර නික්ම යන්නට සිතක් නම් ඔහුගෙ සිත් කොණක හෝ නොවුනි.

"මගෙ නම තියෙන කෙනෙක් මේ වගෙ පූස් තඩියෙක් වුනෙ කොහොමද ? අනික මගෙ කැෆේ එකෙන්ම කෝපි බීලා මෙතනම නිදාගෙන ඉන්නෙ බාර් එකක් කියලා හිතාගෙනද.. හහ්.. අනික මගෙම තැන ඉඳන් මටම කෑගහපු හැටි.. මෝඩ පූස් තඩියා.." තමන්ටම එසේ මුමුණාගනිමින් බොහෝ වේලාවක් තිස්සේ ඒ සුව නින්දක සිටි ආගන්තුකයාව නිරීක්ෂණය කරමින් උන් වග නම් ඔහුටද නොවැටහුනි.

~~~~~~~~~~~~~~~~~~~~ ☕

"සින්‍යා කැෆේ"

ලා රෝස පැහැති පසුබිමක මෙසේ සටහන් කර තිබූ විසල් පුවරුව සෝල් නගරය හුරු පුරුදු අයෙක්ට නම් ආගන්තුක තැනක් නොවේ.

සෝල් නගරයේ බොහෝ සෙයින් ප්‍රසිද්ධියට පත්ව ඇති සින්‍යා කැෆේ වලට නම් මේ වෙනස්ම උදයක් විය.

සොක්ජින් සුපුරුදු වේලාවටත් ප්‍රථමයෙන් අවදි වුනි. දෑස් විවර කරන විට තමා ඉදිරියේ පෙනෙන සිහින් දෙනෙත් දුටු විට පියවි සිහියට එන්නට නම් මද වේලාවක් ගත වුනි.

සොක්ජින් එක වරම අසුනෙන් නැගී සිටියේ උදයේම අවදිව මුදල් කවුලුවෙන් එබී සිටි ආගන්තුක තරුණයා බිය වී මෙන් සෘජු වන අතරතුරය.

"සුබ උදෑසනක් කිම් සොක්ජින්... මම ඊයෙ ඉඳන් බලන් හිටියෙ ඔයා ඇහැරෙන්නෙ කීයටද කියලා තමා..." සොක්ජින් එසේ පවසා අවසන් වන විට ආගන්තුක තරුණයා තමන්ගෙ හිසේ සිට දෙපතුල තෙක්ම බලා නැවත මුහුණ දෙස ද විමතියෙන් බලා සිටින අයුරු දැනෙන විට තම දෙකන් රත් පැහැවීම නවතාගන්නට ඔහුටද නොහැකි වුනි.

"මොකක් කිව්වා..? මම ද කිම් සොක්ජින්... මම දන්න විදිහට ඒ ඔයාගෙ නම... වැදගත්ම දේ... ඔයා නෙමෙයි, මමයි බලන් හිටියෙ ඔයා ඇහැරෙනකම්..." ආගන්තුක තරුණයා විමතියෙන් මෙන්ම උදයේ අවදි වන විට අවන්හල තුල සිරව ඇති බව දැකීම නිසා ඇති වූ මද නොරිස්සුම් සහගත බවෙන් යුතුව පැවසුවේය.

You've reached the end of published parts.

⏰ Last updated: May 08 ⏰

Add this story to your Library to get notified about new parts!

COFFEEHOLIC | SINWhere stories live. Discover now