ශාන් කාමරයට යන්න හදනකොට දැක්කෙ කාමරේ දොර බාගෙට ඇරිලා තියෙනවා...
'මේ මොකද කවදාවත් නැතුව කාමරේ දොරත් බාගෙට වහං'
ශාන් තමන්ටම කියාගෙන දොර තල්ලු කරන්න හැදුවත් ඒත් එක්කම ඇතුලේ දැක්ක දේත් එක්ක එයාගෙ කකුල් දෙක පණ නැති වෙලා යනවා වගේ දැනුනා...
'ලි.. ලියෝ.. ඔ.. ඔයා ඇයි මෙ.. මෙහෙම... '
ශාන් දැක්කෙ යීබෝ තරුණ ගෑනු ළමයෙක් තුරුලු කරගෙන ඉන්නවා. කටින් පිටවෙන්න ගිය ඉකියත් තද කරන් අනිත් පැත්තට හැරිල ගෙදරින් පිට වුනේ එයාට ඒ දිහා බලං ඉන්න තියා ගෙදර රැදෙන්න තරම්වත් තවත් ශක්තියක් නැති නිසයි...
පාරට ආව ශාන් එයාගේ ඇස්වල හිර වෙලා තිබ්බ කදුළු වලට නිදහස දුන්නෙ අඩන ගමන්...
'ලි.. ලියෝ... ඔ.. ඔයා කවදාවත් මට ආ.. ආදරේ කලේ නැද්ද. අනේ මං... මාව.. ඔයාගෙ සෙක්ස් පාට්නර් විදිහට විතරද ඔයාට දැනුනේ. ඒත් මං.. මං ඔයාට ආදරෙයිනේ...'
අඩමින් හිටිය ශාන් වටාපිටාවෙ අවදානය තවත් එයා වෙතට ගත්තෙ මහ සද්දෙන් හිනාවෙමින්...
'පව් අසරණ කොල්ලා.. වැඩි වයසක් නෑ.. මොකක් හරි කරදරයක් වෙන්න ඇති...'
'පිස්සෙක්ද කොහෙද.. කෙල්ලක් නිසා වෙන්න ඇති...'
ශාන්ව පහුකරගෙන යන අය මිමිණුවේ එවැනි කතායි. ඒත් එයාට ඒවා ගැන හිතන්නවත් සිහියක් තිබ්බෙ නෑ...
'හහ් හහ් හා.... මංනේ මෝඩයා.. මමයි ගොනා.. එයා කලින්ම කිව්වා.. එයා කිව්වා රිලේෂන්ෆිප් එකක් අපි අතර නෑ කියලා. එහෙම හිතන්නත් එපා කිව්වා. මමයි ඒක අමතක කලේ.. මමයි.. මං එයාගෙ සෙක්ස් පාට්නර් විතරයි. එයා වෙන්න ඇති ලුලූ.. යීබෝගෙ ආදරේ.. එතකොට මං.. මට බෑ දෙයියනේ.. මං ඔයාට ආදරෙයි යීබෝ.. මට ඔයාව ඇදේදී විතරක් නෙමෙයි හැම වෙලාවෙම මට ඔයාව දැනුනා. ඔයාට මාව මගේ ආදරේ පොඩ්ඩක්වත් දැනුනෙ නැද්ද...'
'ඒ.. එයාලා කිස් කර කරද හිටියෙ.. පිස්සුද ශාන් ඒ දෙන්නා නිකං හග් එකක් විතරයි කලේ.. මං දන්නෑ අනේ මට බෑ...'
ශාන් එකවෙලාවකට අඩ අඩ තවත් වෙලාවකට හිනා වෙවී තනියම කියව කියව පාරේ ඔහේ ඇවිදගෙන ගියා. ටික වෙලාවකින් එයාට තේරුනේ වටපිටාව බොද වී ගෙන යනවා වගේ...